රට පුරා සියලු පාසල් භූමි, විශ්වවිද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අධ්‍යාපන ආයතන පරිශ්‍ර වල ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් සිසුන්ගේ සහ කෘෂි උපදේශක වරුන්ගේ එකඟතාවෙන් මෙම වගා සංග්‍රාමය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

රටේ පවතින ආහාර අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බවද අධ්‍යාපන ඇමතිවරයා කීය. පාසල් සහ සෙසු අධ්‍යාපන ආයතන වල ගෙවතු වගාව සාර්ථකව සිදුකිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගන්නා බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.