Local News

පාපතර පියාගේ ඉවසාගත නොහැකි දඬුවම විදින්නට සිදු වූ නොදරුවන් දෙන්නගේ කදුළු කතාව

තම දරුවන් දෙදෙනා ගසක බැද සිරුරේ මිරිස් තවරා අමානුෂික ලෙස වද දුන් පියෙකු පොලිසි අත් අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 6 ක සහ අවුරුදු 7 ක දියණිය ගසක බැද වද හිංසා පැමිණ වූ මෙම සැකකාර පියා හැටන් කුඩාගම සමගි මාවතේ පදිංචිකරුවෙකු වනවා.

හැටන් පොලිසිය මගින් ඊයේ (02) දින රාත්‍රියේ ඔහුව අත් අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සැකකරු මත්පැන්වලට ඇබ්බැහි වූ අයෙකු බවත් බිරිඳට පහර දී දරුවන්ට කෘෘර ලෙස වදහිංසා පමණුවන බවත් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර තිබුණා.

Leave a Comment