Local News

හිරිවඩුන්නට දේව සාපයක්ද? පොළවෙන් මතුවුන අද්භූත සතුන් ගමක් කළඹයි.

හබරණ හිරිවඩුන්න ඉදිගස්වැව පාර නමැති ගම්මානයට සුදු පැහැති හැකරැල්ලන් විශේෂයක් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ පැමිණීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මීට දින කිහිපයකට පෙර සිට ප්‍රධාන මාර්ග සහ මිදුල් වල දැක ගැනීමට හැකි වූ මෙම කූඩැල්ලන් විශේෂය මේ වන විට නිවෙස් වල ඇතුළත සහ සෑම ස්ථානයකම විශාල වශයෙන් දැක ගැනීමට හැකි වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට එම ගම්මානය පිහිටා ඇති ලිං වල වගා භූමි වල දැකිය හැකි අතර නිවෙස් වල වියළා ගැනීමට යොදා ඇති ලොකු ළූණු වල මෙන්ම ගස් කොලන් දැක ගැනීමට හැකියාව ඇති බව ඔවුහු පෙන්වා දෙති. මීට දින කිහිපයකට පෙර සිට ප්‍රධාන මාර්ග වල දැක ගැනීමට හැකි වූ මෙම කූඩැල්ලන් විශේෂය මේ වන විට නිවෙස් වල ඇතුලත සහ සෑම ස්ථානයකම විශාල වශයෙන් දැක ගැනීමට හැකි වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

ඇතැම් පුද්ගලයන් දිවා ආකාරයේ මෙන් ම සවස් කාලයේ ද භූමිතෙල් මහපොළොවට තෙල් ඉසින යන්ත්‍ර මගින් ඉසීම කරන බවත් මදවේලාවකට භූමිතෙල් වලට හැකරැල්ලන් පිටව ගොස් නැවතත් නිවෙසට පැමිණෙන බවත් පවසති.

කුකුළන් හා කුරුල්ලන් හෝ මෙම හැකරැල්ලන් ආහාරයට නොගන්නා බව ද ගම්මුන් පෙන්වා දුන්හ. සුදු පැහැති මෙම හැකරැල්ලන් විශේෂය මීට පෙර වසරක ද මෙම ගම්මානයට කඩා වැදී විශාල කාලයක් රැදී සිටි බවත් පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ රාත්‍රී කාලයේ ඇඳක නිදා ගැනීමට පිසූ ආහාර ලබා ගැනීමට හෝ දරුවෙකුට පාඩම් කිරීමට හෝ නොමැති තත්ත්වයක තමන් පසුවන බවයි. හැකරැල්ලන් පොඩි වීම්ත් සමඟ දැඩි දුර්ගන්ධයක් හමන බවත් එම නිසා දැඩි පිළිකුලක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

උපුටා ගැනීම – ලංකාදීප.

Leave a Comment