Politics

ප‍්‍රබල රාජපක්‍ෂ පුත‍්‍රයෙක් ඉන්ධන මගඩියක… තෙල් මිල රුපියල් 200කින් වැඩි කරන්න සූදානම්…

පවතින අර්බුදය හමුවේ එළඹෙන ජුලි මස මුල් සතිය වන විට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැලසුම් කර ඇති බව ඉන්ධන, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

මේ මොහොතේ මෙරටට ඉන්දීය මැදිහත් වීම බරපතල ලෙස සිදුවන බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා මන්නාරම් ද්‍රෝණියේ ඇති සක්‍රිය තෙල් ළිං හතර ඉන්දියාවට ලබා දීමත් කච්චතිව් දුපත ලබා දීමටත් රජය සැලසුම් කර ඇති බව ද සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ එළඹෙන 24 වෙනිදා ඉන්ධන රුපියල් 200ක උපරිම මිලකින් ඉහල දැමීමට රජය මේවන විට පිඹුරු පත් සැකසා ඇති බවයි.

රටේ මෙතරම් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමති ධුරයක්ද දරු දැනට මන්ත්‍රී ධුරයක් දරන රාජපක්ෂ පුත්‍රයෙකු ඉන්ධන මගඩියකට සම්බන්ධ වී ඇති බවටත් ඔහු චෝදනා කලේය.

Leave a Comment