ඉරාජ් වීරරත්න කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර ඉන්න ඉතා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත අතර අහංකාර නගරේ, නින්ද නොයන හැන්දෑවේ වැනි ගීත ප්‍රේක්ෂකයා ඉතාම ආදරයෙන් වැළදගත්ත ගීතයන්. ඉතින් පසු ගිය දිනක් ප්‍රසංගයක් නිසා ඉරාජ් ගැන හැමෝම උනන්දුවෙන් කතා කඩන්නට වුනා. විශේෂයෙන්ම ඉරාජ්ට චෝදනා යොමු වෙන්නේ ඔහු දේශපාලනයට සම්බන්දකමක් දක්වන නිසයි. ඉතින් එක්තරා මාද්‍ය සාකාච්චාවකදී ඔහු අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
‘ මට කසුන් කල්හාර එක්කවත් උමාරා එක්කවත් කිසිම පුද්ගලික තරහක් නෑ. මම ඒ ගොල්ලන්ගේ චරිතයට හානියක් වෙනවට කැමති නෑ. මොකද එයාලත් මම වගේම කලාව කරගෙන යන නිසා. මට ගොඩක් චෝදනා එන්නේ මගේ ප්‍රසංග වලට එන සෙනග වැඩි නිසා. මම එනවා කියලා ආරංචි වුනාම ප්‍රසංග ප්‍රතික්ෂේප කරන අයට මම ගොඩක් ආදරෙයි. පේෂල එක්කත් මට කිසිම තරහක් නෑ. මම නාමල් රාජපක්ෂව ජනාදිපති කරන්න හදනවා කියලා බොරු කතා හදනවා මට ඉරිසියාකාරයෝ’