Local News

දියණියට කළ විහිළුව විමසූ තිදරු පියාට දෙනෝ දහක් මැද සිදු වූ දේ

හෝමාගම කිරිවත්තුඩුව පන්සල පාරේ පදිංචි 43 හැවිරිදි ජේ.ඒ සමන්සිරි තිදරු පියෙක්. ත්‍රීරෝද රථ රියදුරෙකු වගේම් කම්කරුවෙකු ලෙසින් වැඩ කටයුතු කරන ඔහු නව වසර උදාව සදහා 31 වැනිදා රාත්‍රියේ හෝමාගම ප්‍රදේශයේ අවන්හලකට පැමිණියේ මත්පැන් පානය කිරීම සදහායි.

අලුයම ඔහු ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් සමග බහින් බස් වීමක් ඇති වූ අතර එහිදී ඔහුට පුද්ගලයෙකු පහර දෙන ආකාරය සළ තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා. පැයභාගයක පමණ කාලයක් පාරේ ඇද වැටී සිටි ඔහුව ත්‍රීරෝද රථයකින් ඔහු හෝමගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ වුවත් ඔහු පස්වරුවේ ජීවිතයෙන් සමු ගත්තා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු හෝමාගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

Leave a Comment