ජනාධිපතිවරයාගේ නියෝග අද කිසිවෙකු හෝ නොපිළිගන්නා තැනකට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ මේ වන විට ජනාධිපති ධුරය විහිළුවක් බවට පත්ව ඇති බවය.
පසුගිය මැයි මස 09 වැනිදා රට තුළ සිදු වූ මහා ඛේදවාචකය අතරතුර රාත්‍රියෙහි ජනාධිපතිවරයා සමඟ තමන් වහන්සේ සිදු කළ සාකච්ඡාවක දී මෙම කරුණ සනාථ වූ බව ද උන්වහන්සේ ඒහිදී පැවසූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ තබාගනිමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට නිදහසේ අදාළ කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බව පෙන්වා දෙන පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් එම අභියෝගය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොදා ඇති දේශපාලන උප්පරවැට්ටියක් පිළිබඳ කරුණුද හෙලි කරති.
ලංකාවේ අර්බුදය සඳහා ඉන්දියානු මැදිහත් වීම පිළිබඳ අදහස් දක්වන උන්වහන්සේ ඉන්දියවේ අරමුණ කච්චතිව් දුපත අත්පත් කර ගැනීම විය හැකි බවත් එය නොනිල වශයෙන් තහවුරු කෙරන තොරතුරු මේ වන විටත් ලැබෙමින් පවතින බවත් මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.