World News

අවුරුදු පහක් මත්පැන් භාවිතයෙන් වැලකී නළුවෙක් වගේ ඇග හදපු තරුණයෙක්!

2016 වසරේදී දිනපතා මත් පැන් භාවිතයට හුරු වී සිටි කෙනී, මේ වන විට මත්පැන් පානයෙන් වැලකී වසර පහක් ගත වී තිබෙනවා. මීට වසර පහකට පෙර තමන්ගේ ශරීරය පිලිබදව ලැජ්ජා වූ ඔහු මේ වනවිට තමන්ගේ පෙනුම පිලිබදව පසු වන්නේ විශාල සතුටකින්. ඔහු තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තේ තමන්ගේ අනවශ්‍ය මහත අඩු කර ගැනීම සදහා මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමෙනුයි.

ඔහු සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙමින් මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“අවුරුදු පහක්ට කලින් මගේ සහ දැන් මගේ අතර තියෙන ප්‍රධානම වෙනස තමයි මගේ ආකල්ප වල වෙනස. මම හැම  උදේකම නැගිටින්නේ ගොඩක් සතුටින්. මම මොන දේ කලත් මගේ හිතේ දැන් සංතෘප්තියක් තියෙනවා.”

ඔහු ප්‍රකාශ කරන්නේ බර අඩු කර ගැනීම සදහා ඔහු කීටෝ ආහාර වේලක් අනුගමනය කල බවයි. එසේම තාම්න්ගේ සීනී ඇබ්බැහිය නවත්වා ගැනීමටත් දැඩි ආයාසයක් දැරූ බව ඔහු සදහන් කර තිබෙනවා. එසේම පිෂ්ඨය අඩංගු ආහාර වලින් ඔහු ආහාරයට අග්න්නේ බත්, අර්තාපල්, බෝංචි,ඕට්ස් වැනි ගුණදායක ආහාර පමණයි. මම ඒවා ඒක්ක වැඩි ප්‍රමාණවලින් ප්‍රෝටීන සහ ලිපිඩ අනුභව කලා.ඒවගේම මේ වසර පහටම මම මත්පැන් බිදුවක් හෝ පානය කලේ නැහැ.

කෙනි ගේ වසර පහකට පෙර පින්තූර සහ වර්තමානයේ පින්තූර අතර ඔහු කල කැපවීමේ තරම කොතරම්ද යන්න පිලිබදව සාක්ෂි සපයනවා. මේ පින්තූර සියල්ල මේ වන විට සමාජ ජාලා තුල අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා.

01.

මත් පැන් භාවිතයෙන් වැලකී පැය 24 ක් ගත වීමෙන් පසු.

02.

මත් පැන් භාවිතයෙන් වැලකී දින 30 කට පසු.

03.

මාස හයකට පසු.

මත් පැන් භාවිතයෙන් වැලකී අවුරුදු එක හමාරකට පසු.

04.

මත් පැන් භාවිතයෙන් වැලකී වසර දෙකකට පසු.

05.

මත් පැන් භාවිතයෙන් වැලකී වසර තුනකට පසු.

06.

තමන්ගේ ඉලක්කය ජය ගත් කෙනී.

07.

Leave a Comment