Local News

කුලියට ගම්මිරිස් කඩන්න ඇවිත් යතුරුපැදි සොරකම් කළ සිව් දෙනෙක් මාට්ටු

යතුරු පැදි සොරකම් කරන ලද සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කොලොන්න පොලිසියේ නිලධාරීන් සමත්ව ඇත. සොරකම් කරන ලද පල්සර් වර්ගයේ යතුරු පැදි දෙකක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 23 වනදා අලුයම මෙම යතුරුපැදි දෙකක අතුරුදන්ව ඇත. යතුරු පැදි හිමිකරුවන් විසින් එදින ම දහවල් කොලොන්න පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

කොලොන්න ප්‍රදේශයේ කුලියට ගම්බිරිස් කැඩීමට යැයි පැමිණ පාටි දමමින් සිටි පිරිසක් ගැන කළ විමර්ශන ඔස්සේ අතුරු පැදි සුර කමට අදාළ පුද්ගලයන් දෙදෙනෙකු වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් ද, තවත් අයෙකු තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් ද යතුරුපැදි දෙකද සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම සංවිධානාත්මක සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සඳහා ඇඹිලිපිටිය වැඩබලන පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ලසන්ත ජගත් කුමාර, කොලොන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර, උ.පො.ප මහින්ද උ.පො.ප. සිරිල් සැරයන්වරුන් වන වීරවර්ධන,ලියනගේ, කොස්තාපල් ලක්මාල් යන නිලධාරීන් සිදුකර ඇත.

Leave a Comment