අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශේෂඥ වෛද්‍යවරියකට මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ ඥාතීන්ට රුපියල් කෝටියක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (03) නියම කළේය.
සිය වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සෙසු වාහන දෙකටද අලාභානි සිදු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණි පෙරේරා මහතාගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශේෂඥ වෛද්‍ය කාවිංගා ගුණවර්ධන මහත්මියට මෙලෙස දඬුවම් නියම විය.

2018 සැප්තැම්බර් මස තිස් වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරලැස්ගමුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, පොලිස් පරීක්ෂකවරයෙකුගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව නඩු පවරා තිබිණ.
විත්තිකාර විශේෂඥ වෛද්‍යවරිය ට එරෙහිව චෝදනාවන්ට ඇය වරද පිළිගත්තා ය. මෙම අනතුරින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් මෙම අනතුරෙන් මිය ගිය පොලිස් පරීක්ෂකවරයා ජාත්‍යන්තර බොක්සිං තීරකයකු වශයෙන් කටයුතු කර ඇතැයි ඇතැයිද අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු සිය බිරිඳ හා දරුවන් දෙදෙනා ද සමග සමඟ ගමනක් යමින් සිට ඇතැයිද දැනුම් දුන්නේය.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී පෙරේරා මහතාගේ වැඩිමහල් දරුවා මේ වන විට ආබාධිත තත්වයෙන් පසුවන්නේ යැයි ද ද කී නීතිඥවරයා ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෙකු සිටි ඔහුට මෙම අනතුරෙන් ආබාධිතයකු බවට පත්වීම නිසා ඔහුට පිහිනුම් තරග වලට සහභාගිවීම නොහැකි තත්ත්වයක් තත්වයක් උද්ගතව ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිද්ධිය වූ අවස්ථාවේ දී අනතුරට ලක් වූ අනෙකුත් වාහන දෙකේ හිමිකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.