Breaking News

මෙරට ගෑස් මිල යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යා හැකි – ලිට්‍රෝ සමාගමේ සභාපති

සීත ඍතුවේ ලෝක වෙළඳපලේ ගෑස් ඉල්ලුම ඉහළ ගිය ද ඉදිරියේදී මෙරට ගෑස් මිල යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යා හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉකුත් සමයේ ඇතිවූ ගෑස් හිගයත් සමග විකල්ප ප්‍රභවයන් සඳහා යොමුවූ පිරිස් යළි ගෑස් භාවිතයට හුරු වෙමින් ඇති තත්ත්වයක් මේවනවිට පෙන්නුම් කෙරෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඉකුත් කාල සීමාවේ ගෑස් හිගයක් ඇතිවීමට බලපෑ හේතු පිළිබඳව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මෙහිදී පැහැදිළි කළා. 

Leave a Comment