Uncategorized

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කල නීතිය රකින පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්.

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කලේ යැයි කියන පොලිස් සැරයන්වරයෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලීසිය පවසයි.

අත්‌අඩංගුවට ගත්‌ මෙම සැකකාර පොලිස්‌ සැරයන්ගේ වැඩ තහනම්‌ කර ඇතැයි ද
ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ලංකාදීපයට පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන්‌ ලැබුණු පැමිණල්ලක්‌ මත සැකපිට අත්‌අඩංගුවට ගැනීමෙන්‌ පසු
මෙසේ වැඩ තහනම්‌ කර ඇත්තේ කුරුණෑගල, පොලිස්‌ ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන
55 හැවිරිදි පොලිස්‌ සැරයන්‌ කෙනෙකුගේය. ලිංගික අතවරයකට ලක්‌ වූ බව පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂන සදහා රෝහල් ගත කර තිබෙනවා.

උපුටා ගැනීම – ලංකාදීප.

Leave a Comment