Politics

මෛත්‍රීගෙන් ෆොන්සේකාට අභියෝගයක්

තමා දැරූ ජනාධිපතිධුරය සරත් ෆොන්සේකා මහතා පිලිනොගන්නේනම් තමා දුන් ෆීල්ඩ් මාර්ෂල් තනතුරද මට එපා යැයි කියා ඉවත් කළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔහු මේ බව පැවසූවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක් වෙමිණි.ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබාදීම සඳහා හමුදාවේ ලක්ෂ 10ක් වත් සිටිය යුතු බවත් එසේ තිබියදී එදා තමා ඒ කිසිවක් ගණන් නොගෙන ඔහුට යළි නිසි ගෞරවය ලබාදුන් බවද කීවේය.මෙම පාස්කු ප්‍රහාර විවාදයේදී ඉලක්කය වූයේ තමා බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Comment