Gossip Lanka Life Story

‘මම උසස්පෙළ කරලා බන්ධනාගාර නිලධාරියෙක් වෙන්න හිටියෙ’ ජනප්‍රිය නිලි දනන්ජි

මේ ධනංජි තාරුකා මුලින්ම රංගනයට ආව රවින්ද්‍ර විජේරත්නගේ අලුත් ගෙදර නාට්‍යයෙන්. ඉන්පසුව බොහෝ දෙනා ඇය ගැන කතා කළේ හිරතනිවෙලා නාට්‍යයේ චුවින්ගෙ චරිතය නිසයි. අද දවසේ ධනංජි ගැන වැඩි දෙනෙක් කතා වන්නේ සියත ටීවී.’ ඔස්සේ විකාශය කෙරෙන කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍ය මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය කරන ඉඟිබිඟි’ නිසයි. ඉඟි බිගි නාට්‍යයේ, වලාවකට පවතියක්, මවක්, බිරිදක්, අක්කා, දූව, නංගි, විදියට විවිධාකාර ස්වරූපයෙන් පෙනී සිටින ධනංජිසඳැල්ල පිළිසඳරකට එක්වූ අයුරුයි ලම්.

  • ධනංජි කොහොමද? ඔයාගේ අලුත් ජීවිතේ?

විවාහ වෙලා අවුරුදු දෙකකුත් පහුවෙලා. එයින් වසරක් විතර ගෙවුණ කොරෝනා එක්ක. ඒකත් එකතකට හොඳ දෙයක්. මොකද දෙන්නට දෙන්නා හඳුනා ගන්න ලැබීම. කතා කරන්න ලැබීම. ජීවිතේ කාර්ය බහුල නිසා, එහෙම නොවී විදියට ගෙවීම අලුත විවාහ පත් යුවළක් ලෙස අත්දැකීම ගොඩක් ලබන්න පුළුවන් වුණා,

  • අද ඒ ගෙගිය වසර දෙක ගැන දැනෙන්නේ කොහොමද?

ළඟින්ම ඇසුරු කරන්න මේ කාලය ලැබුණු නිසා, එයාගෙ පවුලෙ අය එක්කත්, මට වැඩිපුර කාලය ගත කරන්න කාලය ලැබුණා. එයාලා හරිම හොඳයි. එයාට ඉන්නේ අම්මයි – තාත්තයි – ආචයි – මල්ලිලා දෙන්නයි. අපි දෙන්නා එක්ක ලොකු පවුලක්. ඉතින් සහයෝගයෙන් වැඩ කරන්ගෙන, සම්බන්ධතා වැඩි දියුණු කරන්ගෙන ඉන්න පුළුවන් වුණා. මගේ රංගන කටයුතු වලට වගේම පවුල් ජීවිතයටත් එයාල ලොකු සහයෝගයක් දෙනවා. මේ ගෙවී ගිය කාලයේදී හොඳට උයන්නත් පුරුදු වුණ.

  • දැන් මොනවද රසටම උයන්න පුළුවන්?

ඕනෑ දෙයක් හදනවා. වෙලාවකට මම ම අලුත් දේ හදන්න උත්සාහ ගන්නවා. ඒ අතරින් මම හදන චිකන් කරි එකට එයා ආසයි. අනෙක් ව්‍යාජන පරිප්පු, කැරට්, බීට්, එයා ආස විදියට හදලා දෙනවා.

  • නැන්දම්මා කොහොමද?

එයා හරිම හොඳ කෙනෙක්. ඇය ගුරුවරියක්.

  • නැණන්ඩිට මස්සිනාල දෙන්නගේ සහයෝගය?

මස්සිනාලා දෙන්නා ගැන කිව්වොත්, කාංචන, ගීත්ම. ඒ දෙන්නා තවම පාසල් අධ්‍යපනය ලබනවා. මට හරි ආදරෙයි.

  • ‘විවාහය’ කියන දේ සාර්ථක කර ගන්න, බිරිඳකගේ වගකීම ලෙස දකින්නේ?

අප රංගන ක්ෂේත්‍රයේ සිටින අය. ඉතින් රූගත කිරීම් ආදිය එක්ක කාර්ය බහුල වෙනවා. ඒ නිසා, ඒ අංශය වගේම පවුල් ජීවිතය කියන දේත් බැලන්ස් කරගන්න ඕනෑ. සමබරව සියල්ල වටහාගෙන කරන්න ඕනෑ. රංගන ශිල්පිනියක ලෙස විවාහයෙන් පසුව කාර්යබහුලවීම අඩුකර ගත්තා. ඉස්සර සතිය පුරාම රූගත කිරීම්. ඒ වගේ දේ සීමාකර ගත්තා. රංගනයට දායක නොවී ඉන්නෙත් නැහැ. නමුත් බාර ගත්ත දේ කරලා ගෙදරටත් වැඩිපුර කාලය වෙන් කරනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ විවාහ දිවිය ගත කරන්නේ.

  • සැමියා කැමතිද දිගටම රඟපානවට?

කිසිම අකමැත්තක් නැහැ. ඒත් ගොඩක් කාර්ය බහුල නොවී කරන්න කියා කියනවා. කලින් කිව්වෙත් එහෙමයි. අදත් එහෙමයි. එයා සමහර ටෙලිනාට්‍ය රූගත කිරීම් වලට යන්න වගේම අනෙකුත් වැඩ වලටත් මා එකක් ඇවිත් මට උදව් කරනාව.

  • එයාගෙ හොඳම ගුණාංගය මොකක්ද?


මම දකින විදිහට ඉවසීම. මට ටිකක් කේන්ති යන, වැඩිපුර කියවන කෙනෙක්. ඒ වගේ අවස්ථාවලදී එයා හරිම නිශ්ශබ්දයි. එයාගේ ඉවසීමේ ගුණයට මම හරි ආසයි.

  • එනකාට ධනංජිත් හොදම ගුණය?

මම මා ගැන දකින විදියට ඕනෑම කෙනෙක් එක්ක ආඩම්බර නොවී, මනුස්සකමට මුල් තැනදී කටයුතු කිරිමයි.

  • ඒ කියන්නේ හොඳ මනුස්ස හදවතක් තියෙන කෙනෙක්?

ඔව්. ආඩම්බර නම් නැහැ.

  • ධනංජිග අක්කගෙ දුවත් රඟපානවා. ඒ ගැන කියමු? එයා යම් විදියට රඟපායි කියල හිතුවද?

එයා ඉපදිලා අවුරුදු තුන හතරක් යනකොට අපි එයාගේ දක්ෂතා සහ තරු ලකුණු දැක්කා. මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන දේ දැක්කා. එයා පොඩි කාලයෙදිම එයාගේ වයසට වඩා දේ රඟපාලා – නාට්‍ය පෙන්නුවා. පොඩිම කාලයෙදි එයා වෙළඳ දැන්වීම් වලට පවා හිටියා. ඒවා දුටුවාම මෙයා ලොකු ගමනක් යාවි කියලා අපි හිතුවා. එයා අක්කගේ කුසේ සිටින කාලයෙදි අපිත් එක්ක හිටියෙ. අපි නිතර කතා කළේ කලාව. සමහරදාට පිටපත් පවා කියෙව්වා. මගේ චරිතවල පිටපත කියවද්දි එයා මගේ සහායට හිටියා. අක්කා ඒ කාලයේ මගේ ගමන ගැන හරියට සතුටු වුණු කෙනෙක්. ඒ සියල්ල සහේලි දුවට ආත්මයෙන්ම මුසු වෙන්න ඇති. සහේලි පොඩි කාලයෙදි මම ෂූටිං යන හැටි බලාගෙන ඉඳලා. මම යන විදියට හැඩවෙලා, බෑග් එහෙම හදාගෙන, ඒවා රඟපාලා පෙන්නුවා. මාව අනුගමනය කළාය කිව්වොත් හරි.

  • සහෙලි ගැන මේ දක්වා වූ සුන්දරම මතකය. මොකක්ද?

එයා පළවැනියට සම්මානය ගත්ත දවස. එදා වේදිකාවට නැගපු දවස. ඒ වනවිට මම සම්මානයක් අරන් තිබුනේ නැහැ. වසර 12කට පසු මම සම්මානය ගන්නකොට සහේලි දුව ඒ ගෙවී ගිය අවුරුදු 12දී සම්මාන 8ක් ලබා තිබුනා. ඒක ඇත්තටම මට හරි සතුටට හේතුවක්.

  • මේ විදිහට ටෙලි නිරය හැඩ කරන ලංකාවේ ඉන්න පුංචි අස්වෙයි – දුවයි ඔය දෙන්නා විතරද?

සමහර විට වෙන්න පුළුවන්.

  • මේ පුංචි අම්මයි-දුවයි එවකට රඟපාලා තියෙනවද?

වෙළඳ දැන්වීම් කීපයක හිටියා. පසුව සුජාතා ටෙලිනාට්‍යයේ තේක්ඛා ගීතයේ එයාගෙ අම්මට හිටියෙ මම.

  • ධනංජිගේ අක්කා රඟපාන්නෙ නැත්තෙ ඇයි?

එයාටත් ආරාධනා ලැබුණා. ආසයි. ඒත් එයා පවුලෙ ඔකොම නිළියක් වෙනවට වඩා දරුවො තුන්දෙනා සහ සැමියාගෙ වැඩ සහ ගෙදර වැඩට තමයි මුල් තැන දෙන්නේ. හැබැයි අපි ඔක්කොටම සහයෝගය දෙනවා.

  • අක්කයි-නංගියි කොහොමද?

අපි දෙන්නා හොඳ යාළුවො වගෙයි. දැනටත් එහෙමයි. අපේ අම්මයි-අක්කයි සහේලි දුවයි මායි ගත්තොත්, අපි හතර දෙනාම හොඳ යාළුවො වගේ තමයි. අපේ අක්කා කිසිම කලබල නැති චරිතයක්. අපේ අම්මා දැන් සල්ලි දුවගේ ගමනට ගොඩක් උදව් කරනවා. අක්කා අපේ අම්මාව ගොඩාක් ආදරෙන් බලාගන්නවා.

  • ධනංජි රඟ නොපා හිටිය නම්?

එහෙම නම් ආයේ දෙකක් නැහැ, බන්ධනාගාර නිලධාරිනියක වීමට තිබුණා. පෙර පාසල් කාලයේ ඉඳලම මම හැදී වැඩුණේ බන්ධනාගාර නිළ නිවාසවල. තාත්තගේ නිල ඇඳුම-තමයි නිතර දුටුවෙ. ඒ පරිසරය නිසා තාත්තා බන්ධනාගාර නිලධාරියෙක් වූ නිසා ඒ ආසාව තමයි තිබුණෙ. උසස් පෙළ ඉවර වුනාම හිතුවෙ, බන්ධනාගාර නිලධාරි රැකියාවට යන්න. ඒත් ප්‍රතිඵල එන්නට පෙර රඟපෑමට ආරාධනා ලැබුණා. ඒ නිසා ඒ ගමනට අවංක වෙලා කලාවෙ ගමනක් ආවා.



01.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-2-842x1024.jpg

02.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-3-819x1024.jpg

03.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-4-819x1024.jpg

04.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-5-819x1024.jpg

05.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-6-871x1024.jpg

06.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-8-819x1024.jpg

07.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-9-904x1024.jpg

08.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-11.jpg

09.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-12-1.jpg

10.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-13.jpg

11.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-14-819x1024.jpg

12.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-16-edited.jpg

13.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-48-819x1024.jpg

14.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-1-819x1024.jpg

15.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-7-2-847x1024.jpg

16.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-15-3.jpg

17.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-17-2.jpg

18.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-18-2.jpg

19.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-19-3.jpg

20.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-21-2-819x1024.jpg

21.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-23-2-819x1024.jpg

22.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-24-2-833x1024.jpg

23.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-25-2-820x1024.jpg

24.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-26-2-1024x1024.jpg

25.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-36-1-819x1024.jpg

26.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-37-2-1000x1024.jpg

27.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-38-2.jpg

28.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-39-2-819x1024.jpg

29.

This image has an empty alt attribute; its file name is usaspela-iwarawuna-gaman-ragapanna-aradana-awa-40-2-819x1024.jpg

30.



Leave a Comment