මනේජ් සංජය කියන්නේ හිරු නාලිකාවේ විකාශය වුණු ‘හිරු ස්ටාර්’ තරගාවලියෙන් ගායන ලෝකයට ආව සුපිරි ගායන ශිල්පියෙක්. මේ වන විට මනේජ් සංජයව වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වෙලා. ඉතින් ඒ වාගේම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලිනාට්‍යයේ තේමා ගීතය වන ‘ජෝඩු’ ගීතය ගායනා කරන්නෙත් ඔහු විසින්. ඉතින් ඔහුගේ මෙම ගීතයට රසික ආදරය ලැබුණේ කවුරුත් නොසිතු විදිහට.
ඒ වගේම විවාහ මංගල්‍ය උත්සව වලත් මනේජ් සංජයව දැන් නම් නිතරම දැකබලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම උදව් කරන සොඳුරු හදවතක් ඇති මෙම ගායකයා පසුගිය දවසක පිය පදවියට හිමිකම් කිව්වා. ඒ චූටි දියණියකගේ පැමිණීමත් එක්ක. ඉතින් මේ සොදුරු කැදැල්ලේ ආදරය තව තවත් වැඩි වුණේ මේ සිගිත්තාගේ හුරතලයත් එක්කයි. ඉතින් මුහුණු පොතේ ක්‍රියාකාරීව හැසිරෙන මනේජ් සංජය මුහුණු පොතේ සටහන් පල කරන්නත් අමතක කලේ නෑ.ඉතින් ඒ විදියට ඔහු සටහන් කල සටහනක් පහතින්

‘ බොහෝ කාන්තාවන්ට අවශ්‍ය වන්නේ දැනටමත් සාර්ථකත්වය ලබා ඇති පිරිමියෙක් හා දිවි ගෙවීමටයි. නමුත් ශක්තිමත් කාන්තාවක් නම් තම සහකරුවාගේ අරමුණේ කොටසක් වෙමින්, බාධක වලට සාර්ථකව මුහුණ දීමට ඔහුට ශක්තියක් වෙමින්, ඔහුගේත් ඇයගේත් ඔවුන්ගේ ඔවුන්ගේම අධිරාජ්යක් ගොඩනැගීමට වෙහෙසන ගැහැනුන් ය.
බින්දුවටත් පහළ ඉඳන් එයායා මාත් එක්ක ආපු ගමනට හරියටම හරියන ම වදනක් නිසා ඒක කොපි පේස්ට් කලා.’
ඉතින් මේ විදියට සටහන් කරලයි ඡායාරූප කිහිපයක් එකතු කලේ. ඉතින් දූ පොඩිත්තිත් එක්ක ගෙවන සුන්දර ජීවිතේට naifm අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරමු. මෙවැනි රසම රස ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න අමතක කරන්න එපා.



