ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය සංගීත කණ්ඩායමක් වෙන ජය ශ්‍රී, කාලෙන් කාලෙට අපේකම සිහිපත් කරදෙන නිර්මාණ වලට එක්කාසු වෙනවා. පහුගිය සමයේදී ජය ශ්‍රී ලා ගැන එක එක විදියේ කතාබහ නැගෙන්න ගත්තා. ඩයමන්ඩ් ගැන කතාබහකුත් මේ එක්ක මතුවුණා. කොහොම වුණත්, අවසානේදී මේ කතා ඔක්කොම බොරුවුණේ ජය ශ්‍රී ලා ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ඔවුන්ගේ නවතම ගීතය එළිදැක්වීමත් එක්කයි.

ජය ශ්‍රී ගායනයෙන් වගේම සමන් අමුණුකන්දගේ ගී පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයේ සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්). ජය ශ්‍රී ලා කාලෙකට පස්සේ කරපු වෙනස්ම විදියේ නිර්මාණයක් විදියට මේ ගීතය හඳුන්වන්නට පුළුවන්.

‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවිතේ – විඳගන්න
ජයගන්න’
‘මතුවෙන්න’ ගීතය පුරා දකින්නට ලැබෙන තවත් විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි දියමන්ති සංකේතය. මේ ගීතය ගැන මීට පෙරාතුව අදහස් දක්වපු ජය ශ්‍රී ලා කියන්නේ, තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගෙන දියමන්තියක් වගේ මතුවෙන්න කියන අදහස මේ ගීතයෙන් තාරුණ්‍යයට දෙන පණිවිඩය වෙන බවයි.
ලංකාව පුරාම ගිහිං මේ ගීතයේ රූප රචනය කරලා තියෙන නිසා, ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති ලස්සන තැන් ගණනාවක් මේ ගීතයෙන් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මේ ගීතයෙන් වෙනස් විදියට දැකගන්නටත් හැකිවෙනවා.
ජය ශ්‍රී රුවිතේ විඳගන්න. එක්වෙන්න.
