Gossip Lanka Life Story

මෙන්න සඳනි කැලේ ‘මම ළද බොළඳ, සුකුමාල ගැහැනු චරිතයක් නෙමෙයි’ හේශානි ලියදිපිට

රංගනයට පිවිස ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් ලෙස හේෂානි ලියදිපිට හදුන්වන්න පුලුවන්.දෙරණ නාලිකාවේ විකාශය වන ධරණි’ ඔස්සේ රසික ආදරය දිනා ගත් ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වුවා.ඒ විතරක් නෙවෙයි හෙශානි කියන්නේ ගොඩක් දක්ෂ නර්තන ශිල්පිනියක්.හේෂානි කියන්නේ දඟකාර ගැහැණු ළමයෙක්. හේෂානි කියන විදියට එයාට හොඳට ෆයිට් කරන්න පුළුවන්ලු.

ඒ වගේම චරිත වෙනුවෙන් කරාතේ සටන් කලාව මාස දෙකක් විතර පුහුණු වුණා කියලත් ඇය කියනවා.ඉතින් අපි ඇයගේ අලුත්ම තොරතුරු සහ මේ ධරණී ටෙලි සිත්තමට ඇය සම්බන්ද වූ ආකාරය ගැන අපිට කිවුවේ මේ විදිහටයි. මගේ පවුලේ විස්තර කිව්වොත්, මගේ පවුලේ අය ඔක්කොම පස් දෙනෙක් සිටිනවා. අම්මා, අප්පච්චි, අයියා, අක්කා සහ මම.

අක්කා විවාහ වෙලා. අයියා අමෙරිකාවෙ. මගේ තාත්තා විශ්‍රාමිකයි. තාත්තා රැකියාව කළේ වරායේ. අම්මා ගෘහනියක්. දැන් ගෙදර ඉන්නෙ මායි, අම්මයි, අප්පච්චි විතරයි. මම පාසල් ගියේ කොළඹ යශෝදරා විද්‍යාලයට මගේ ගම කොළඹ අංගොඩ ප්‍රදේශය.මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මං ප්‍රධාන විෂය ලෙස හදාරන්නෙ පහතරට නර්තනය.

ඊට අමතරව අනෙක් නර්තන ශෛලීන් ද හදාරනවා.ඉතින් මේ දිනවල ධරණි ටෙලි සිත්තමට උපරිම සාධාරණයක් කරමින් සිටිනවා.කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් චරිතයක් ඒක. මගේ ගෙදරට සුබ පැතුම් එවනවා. මල් කළඹ එවනවා. ඒ වගේ හරිම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා මට.

‘ධරණි’ මට ලැබෙන්නෙ දෙරණ නාළිකාවෙන්. මම මුලින්ම 2020 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙලා, ඉන් ප්‍රථම ස්ථානය දිනා ගන්න සමත් වුණා. ඉන් පසුව දෙරණ ආයතනයෙන් අවුරුදු කුමාරි අවසන් දොළොස් දෙනාවම සහභාගි කරගෙන Screen Test (තිර පරීක්ෂණ) සිදු කළා. ඒ හරහා ඔවුන් චරිතයේ ලක්ෂණ, ස්වභාවය, ගුණාංග වගේ සියලු දේවල් බලලා ඒ අනුව තමයි මාව සුදුසුයි කියා තෝරා ගත්තෙ.

ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම මඟ සැලසෙන්නෙ දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල මතුන්ගේ සහයෝගයෙන්. මාව මුලින්ම මේ ක්ෂේත්‍රයට නැතිනම් මේ තැනට ගෙනාවෙ ඔවුන් දෙපොළ තමයි. ඉන්පසුව මාව යොමු කරන්නෙ ජානක සිරිවර්ධන සහ ශ්‍රියන්ත ප්‍රසාද් යන දෙදෙනාට. ඔවුන් තමයි නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයා. ලක්සිරි මහතා මට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් ලබා දුන්නා.

චරිතය පිළිබඳව. මොවුන් තමයි මේ චරිතයේ ප්‍රධාන අයිතිකරුවන්. මම මෙහි ළද බොළඳ, සුකුමාල ගැහැනු චරිතයක් නෙමෙයි රඟපාන්නෙ. දැනට එහි කොටස් සියයක් විකාශය වී අවසන්. මේ කාලය තුළ පාසල් ශිෂ්‍යාවක් ලෙස, දියණියක් ලෙස, පෙම්වතියක් ලෙස, බිරියක් ලෙස, මවක් ලෙස, ස්වාමියා අහිමි කාන්තාවක් ලෙස ආදී කාන්තාවක් තම ජීවිතය තුළ මුහුණ දෙන චරිත නැතිනම් භූමිකා සියල්ලටම වාගේ මම මුහුණ දුන්නා.

උපුටාගැනීම – ඔන්ලයින් නිව්ස්පේපර්

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

40.

Leave a Comment