Local News

කොළඹ නිවාස හිමි මන්ත්‍රීලා 20ක් මාදිවෙලිනුත් හොරට ගෙවල් අරන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ද විවිධ ලියකියවිලි ඉදිරිපත් කරමි නිවාස ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

කොළඹ ප්‍රදේශයේ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස වලින් නිවාස ලබා නොදෙන බව පාර්ලිමේන්තු නිලධාරීහූ පවසති. සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගෙන ඇත්තේ තමන්ට කොළඹ නිවාස නැති බවට දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව කියති.

මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම් ඇති අය ද ඇතුළත් වෙතියි දැනගන්නට ඇත. මේ අතර මන්ත්‍රීවරුන් තවත් පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා වෙනත් ස්ථානවල පදිංචි ව සිටින බවට වාර්තාවේ.

කොළඹ නිවසක් නොමැති ඈත දුර බැහැර ප්‍රදේශවල ඇතැම් මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම මේ හේතුවෙන් විශාල ගැටලුවක් වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Leave a Comment