Local News

“හර්ෂගේ ප්‍රකාශය වැරදියි” මාලදිවයින් හිටපු ජනපති කියයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයින් හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින අතර කඩිනමින් ලංකාවට එම සහයන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදු වූ බව ය.

එහිදී ලංකාවට නිසි සැලස්මක් නොමැති වීම හේතුවෙන් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය උපකාර කිරීමට නොපැමිණෙන බවට නෂීඩ් මහතා තමන්ට ප්‍රකාශ කළ බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබිණි.

Leave a Comment