Local News

වදුරු උණත් ලංකාවට ඇවිත්, බිළිදියකටත් රෝගය වැළදිලා

විදේශ ගතව සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවකට සහ ඇගේ බිළිදියට වදුරු උණ වැළදී ඇති බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පසු ගිය 7 වන දින සදහන් කලා. මේ වන විට ඔවුන් දෙදෙනා අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

මෙම රෝගීන් දෙදෙනා සිටි නිවසේ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙරටින් වදුරු උණ රෝගය වැළදුණු රෝගියෙකු ගිය වසරේ නොවැම්බර් මාසයේ හදුනාගත් අතර ඔහුද විදේශගතව සිට පැමිණි අයෙක් බවයි සදහන් වෙන්නේ.

Leave a Comment