World News

දරුවන් දෙදෙනා මරා දැමූ මව නීතියේ රැහැනට!

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ජීවත් වූ 36 හැවිරිදි මවක් තමන්ගේ දරුවන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා. දරුවන් දෙදෙනාගේ මෘත දේහ රැගත් මවගේ මෝටර් රතය නිව් ජර්සි ප්‍රාන්තයේ මහා මාර්ගයක් අසල නවත්වා තිබියදී සොයා ගැනීමට පොලීසියට ඊයේ හැකි උනා. එසේම සිදු කරනු ලැබූ විමර්ශන වලට අනුව හෙලි වුනේ මෙම සාහසික අපරාදය දරුවන්ගේ මව විසින් සිදු කර තිබෙන බවයි.

වයස අවුරුදු 36 ක් වන යුවෙයි චෝ නම් මෙම මව මෙසේ ඝාතනය කර තිබෙන්නේ වයස අවුරුදු 7 ක් වූ සමන්තා රොස් දැරිය සහ වයස මාස හතක් වූ පෝල් රෝස් නැමැති කුඩා පිරිමි දරුවායි. ට්‍රක් රත රියදුරෙක් ලෙස සේවය කරන දරුවන්ගේ පියා ප්‍රකාශ කර තිබෙන්නෙ තමන්ගේ අනෙක් දරුවා තමන් අමතා තමන්ගේ සහෝදරයා සහ සහෝදරිය මව ඝාතනය කල බව තමන්ට පැවසූ බවයි.

කෙසේ වෙතත් පොලීසිය පවස්න්නේ මෙම මව මානසික ව්‍යාධි තත්වයකින් පෙලෙන කාන්තාවක් විය හැකි බවයි. වැඩි දුර පරීක්ෂණ මේ වනවිට  ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

Leave a Comment