Life Story Local News

සෙන්කඩගල පුරවරයට සමුදුන් නැදුන්ගමුවේ හස්තිරාජයා ගම්බිම් බලා පිටව යයි

නැදුන්ගමුවේ රාජා..
නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙක් ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්. මහරගම නීලම්මහර වෙද හාමුදුරුවෝ තමා මෙම ඇත් පැටවුන්ගේ මුල්ම බාරකාරයා වෙලා තියෙන්නේ.

ඉන්දියාවේ මයිසුර් වල මහරජුන් කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා තෑග්ගක් ලෙස මේ ඇත් පැටවුන් දෙදෙනා එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රධානය කර තිබෙනවා. පසුව නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා දී තිබෙනවා. ඉන් එක් පැටියෙක් ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩී මීට ටික කලකට පෙර මියගියා.

එම පැටියාගේ නම තමා නවම් රාජා. අනෙක් පැටියා හොරණ උඩුව පලාතට ගිය මුත් වසර 25 කට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද මහත්තයාගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමු⁣වේ රාජා ලෙසින් නැදුන්ගමුවේ හස්තියා දලදා පෙරහැරට සහභාගි වෙන්න දවස් 7 මුලුල්ලේ පයින් ගමන් කරනවා. ඒ තමා දලදා පෙරහැර වෙනුවෙන් පයින් ගමන් කරන එකම හස්ති රාජයා.

රාත්‍රි 7 පුරාවටම නින්දක් නොලඹන මෙම හස්තියා මාලිගාවේ ඇත් ගාලට ආවට පස්සේ තමයි නින්දක් ලබන්නේ. නුවර දලදා පෙරහැරට විතරක් නෙමෙයි බෙල්ලන්විල පෙරහැර , රත්නපුර මහ සමන් දේවාල පෙරහැර , කැළණි පෙරහැර , ගම්පහ සාම විහාර පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරට ද මෙම හස්තියා පාගමනින්ම සහභාගි වෙනවා.

මොනතරම් උසස් ගුණශෝභාව තිබුනත් හැම ඇතාම පෙරහැරේ කරඩුව වඩම්වන්න හැම ඇතාම සුදුසු වන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුනොත් පමණයි කරඩුව වඩම්වන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙමෙයි. අවුරුදු ගානක් පෙරහැරට සම්බන්ධ වුනත් බොහෝ ඇතුන්ට මෙම භාග්‍ය ලැබිලා නැහැ. ඒ අතින් නැදුන්ගමුවේ රාජා ඉතා පින්වත් ඇත් රාජයෙක්.

පෙරහැරට සහභාගි වන ඇත් රජුන් හොදින් නාවලා කවලා පොවලා තමා වාහල්කඩින් ඇතුළු කරන්නේ. ඒ වාගේම පෙරහැරට සුදානම් කරන්නෙත්.නැදුම්ගමුවේ රාජා පෙරහැර අවසානයේ තම ඇදුම් ඉවත් කරනවටත් අකමැතියිලු. අවසන් පෙරහැර අවසානයේ සිය ගම් බිම් බලා පිටත් වෙන කොට ඇස් කදුලින් පිරෙනවා. නෙළුම් මල් හොඩින් ගෙන දනහිස් නවා දලදා වහන්සේට වන්දනාමාන කිරීමෙන් පස් තමා ඇත් රජු සිය ගම්බිම් බලා පිටත් වන්නේ. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා තමයි නැදුන්ගමුවේ රාජා.

මෙම හස්තියාගේ උස අඩි 11 1/2 ක් කියලයි වාර්තා වෙන්නේ. 2005 වසරේදී තමයි නැදුන්ගමුවේ හස්ති රාජයා දළදා කරඩුව වැඩම වීමට තෝරා ගනු ලැබ ඇත්තේ, එම කාර්යය සුදුකර ඇත්තේ දලදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින්ය. එතෙක් සම උස මට්ටමක හස්තීන් කරඩුව වැඩම කිරීම නිසා කරඩුව බැදීමේ දී ගැටලුවක් ඇති වුයේ නැහැ. නමුත් අඩි 11 කට වඩා උස නැදුන්ගමුවේ හස්තියාගේ කරඩුව සවි කිරීමේදී ගැටලුවක් ඇති වුයේ හස්තියාගේ උස නිසාය.

සිය පිට මත දලදා කරඩුව තැබු පසු ඇත් රජු මහ ආඩම්බරකාරවයි ඉන්නේ. පාවඩ නොමැතිව හෝ පාවඩ වලින් පිටත එක අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහැරේ ගමන් කරනුයේ සක්විති රජෙක් විලසයි. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම හස්තියා වෙනුවෙන් රට වැසියන් පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් ආයු බලය ලැබී දිගු කලක් වැජඹේවා යන්නයි..

කළු මාමාටත් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා..!!

ඉතින් මේ නැදුන්ගමුවේ හස්තිරාජයා අවසන් වතාවට දළදා කරඬුව වැඩමවා, සෙන්කඩගල පුරවරයට සමුදී නැදුන්ගමුවේ වේද මහත්තයාගේ කැදැල්ලට හෙමින් සීරුවේ පියනගන වීඩියෝවක් හෙලරහස් යුටියුබ් නාලිකාවෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා අපට දැකගන්නට ලැබුනා ඉතින් එහෙමනම් එම වීඩියෝව ඔබට පහලින් බලාගන්න පුළුවන්,

1.

2.

3.

4.

එම විඩියෝව පහලින්,

Leave a Comment