ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවැට්ටූ බව එම සංවිධානය ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
දේශපාලනිකව කලකිරී සිටින තමා ඇතුළු වියත් මගේ සාමාජිකයන් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තවත් පක්ෂ විපක්ෂ නායකයන් සමග එක්කව ඉදිරියේ දී නව දේශපාලන මඟකට ප්‍රවේශ වන බවද ගොඩහේවා මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.