Local News

රනිල් ඩොලරය 450ට යන බව කියද්දි මහ බැංකු අධිපති ඩොලරය 300ට ගේන බවට සහතික වෙලා

මාස 3ක කාලයක් ඇතුළත ඩොලරය රුපියල් 300 ප්‍රමාණයට රැගෙන එන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

ඊයේ පැවති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ විමසීම සදහා මහ බැංකු අධිපතිවරයාටද මෙම රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණ.

කෙසේ වෙතත් මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඩොලරය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇති බවකි.

Leave a Comment