Gossip Lanka Life Story

‘දරුවෙක් හදන්න දැන්ම හිතක් නෑ, ප්‍රිහාන් තවම බබෙක් වගේ’ සූකිරි බෝලයක් වගේ ඉන්න නතාෂා

“දඟමල්ල” කියන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු දෙදාහා දශකයේ පොඩිත්තන්ගේ සිත්ගත් ළමා ටෙලිනාට්‍යයක්. පරිවර්තන කෘතියක් ආශ්‍රයෙන් නිර්මාණය කළ මේ ටෙලි නිර්මාණය එකල දරුවන් අතර අතිශය ජනප්‍රිය වුණා. වසර පහළොවකට පසුව නැවතත් එම නාළිකාවෙන් “දඟමල්ල” ටෙලිනාට්‍යය විකාශය වෙනවා.

මේ ටෙලිනාට්‍යයේ කවුරුත් කියන දේ අහන්නේ නැති දඟම දඟමල්ලට පණ පෙව්වේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සේම ගායිකාවක් වන නතාෂා පෙරේරා. “දඟමල්ල” ටෙලි නිර්මාණයේ යට ගිය මතක ගැන වගේම ඇගේ වර්තමාන කලා කටයුතු ගැනත් ඇය මේ විදියට පුවත්පතකට පවසා තිබුනා.

“දඟමල්ල”, ආයෙමත් ඒ අතීතයට යමු?

“දඟමල්ල” අවුරුදු පහළොවකට පස්සේ නැවත විකාශය වෙන්නේ. ඒක ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත විකාශය වුණු ටෙලිනාට්‍යයක්. සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන්ගෙන් සෑහෙන්න ඉල්ලීම් තිබුණා “දඟමල්ල” නැවත විකාශය කරන්න කියලා. ඒ අයගේ ඉල්ලීම නිසාම නැවත වතාවක් ඒ ටෙලිනාට්‍යය පෙන්වන එක ගැන මට හරිම සතුටුයි. “දඟමල්ල” කියන්නේ ටෙලිනාට්‍යයක් විතරක් නෙමෙයි. ඒක මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්. ඒ හැඟීම් ඒ මතක නැවතත් මතක් වෙනවා.

“දඟමල්ල” ටෙලිනාට්‍යයේ සුවිශේෂත්වය ගැන පරිණත වැඩිහිටියෙක් විදිහට නතාෂාට මොකද හිතෙන්නේ?

මේක ඉනිඩ් බ්ලයිට්න්ගේ පොත් ඇසුරෙන් ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද සිංහලට පරිවර්තනය කරපු “දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ” පොත ඇසුරෙන් කරපු නිර්මාණයක්. මේක මුලින්ම ගුවන්විදුලි නාට්‍යයක් වෙනවා. පසුව වේදිකා නාට්‍යයක් වෙනවා. ඊට පසුව තමයි මේ නිර්මාණය ටෙලිනාට්‍යයක් වෙන්නේ. “දඟමල්ල” වේදිකා නාට්‍යය සහ ටෙලිනාට්‍යය යන දෙකටම හොඳම ළමා නිළියට මට රාජ්‍ය සම්මාන ලැබුණා. මේ නිර්මාණයට අදාළ ඇහැට පෙනෙන රූප සහ වර්ණ සියල්ල අදටත් වලංගුයි කියන තැන මම ඉන්නවා. මේක පරිවර්තන කෘතියක්.

ලංකාවේ විදිහට නෙමෙයි පිටරට විදිහටයි මේ ටෙලිනාට්‍යයේ සියලුම දේවල් තියෙන්නේ. ඒක ලංකාවේ නිර්මාණයකට හොඳ සංකල්පයක්. ලංකාවේ නොවන පාසලක සිදු වන සිදුවීම් හැමෝටම අලුත් අත්දැකීමක්. නාලක ස්වර්ණතිලක මාමා තමයි මේ දඟමල්ල ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය සහ තිරපිටපත රචනා කරන්නේ. ඔහු ගොඩක් පරෙස්සම් වුණා මේ නිර්මාණය ළමයින්ට හදන නිසා. කතා විලාසය, වචන මෙයින් දෙන පණිවුඩය ගැන ඔහු වැඩි අවධානයක් යොමු කළා.

මෙහි කතාවේ හැටියට කතා නායිකාව එලිසබෙත් කියන්නේ නරක ළමයෙක් නෙමෙයි. එයා පාසලේ දඟ වැඩ කරන්නෙ ඉක්මන්ට ගෙදර යවයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් ඒ පාසලෙන් ඒ වරද එයාටම තේරුම් කරගන්න සලස්වනවා. එයාට ද’ඬුව’ම් කරන්නේ නැහැ. ලංකාවේ පාසල්වල ඒ වගේ ක්‍රමවේදයක් නැහැ. ගුරුවරු, ළමයි හැමෝම පීඩනයෙන් ඉන්නේ. මම විශ්වාස කරනවා රටක් විදිහට අපේ ලංකාවේ අධ්‍යාපනය මුලින්ම හැදුණොත් මුළු රටම වෙනස් වෙයි කියලා. අපේ අධ්‍යාපන ක්‍රියාවලිය මීට වඩා හොඳට කළ හැකි බවයි මේ නිර්මාණය ඔස්සේ හැමෝටම පෙන්නුවේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

Leave a Comment