World News

නේපාලයේ දැවැන්ත ගුරු වර්ජනයක්

නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩවර්ජනයක් හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

අඛණ්ඩ ව තෙවැනි දිනටත් පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ පාසල් වසා දැමීමට සිදු ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

නේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

වර්ජනය සදහා ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් එක් ව ඇති අතර, ඊට සමගාමී ව ඔවුන් විසින් ඊයේ (22) එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Leave a Comment