Gossip Lanka

මට වාහනයක් නෑ, බස් එකේ යන්නේ – දිවිතුරා හි වින්ඩි

අපේ කලා ක්ෂේත්‍රයෙ ඉන්න ජනප්‍රිය දක්ෂ වගේම නවක පරපුරේ සිටින රංගන ශිල්පිනියක් තමයි නිලූෂී පවන්‍යා කියන්නෙ. ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය වෙලා සිටින්නෙ හිරු නාලිකාව ඔස්සේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යෙ වින්ඩිගෙ චරිතය හරහායි.

ඇය නවක රංගන ශිල්පිනියක් වුවත් චරිතාංග නිලියක් වශයෙන් ඇය දැන් ක්ෂේත්‍රයෙ ඉහලම තැනක ඉන්නවා. රංගනයට වගේම නර්තනයටත් එකසේ ඉතාමත් දක්ෂ ඇය පුංචි තිරයෙන් සිනමා තිරයටත් පිවිසුනා.ඒ වගේම ඇය ලගදී තිබුණ සාකච්ඡාවකට එක්වෙමින් ඇයගෙ අලුත්ම තොරතුරු ගැන පවසා තිබුණා.

ඉතින් ඇය මේ දිනවල දිවිතුරා ටෙලිනාට්‍යෙ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා සිටින නිසා තරමක් කාර්‍යබහුල ජිවිතයක්ලු ගත කරමින් සිටින්නෙ. ඒ වගේම chandana liyanagunawardena මහතා නිෂ්පාදනය කරන සිතාංගි ටෙලි නාට්‍ය රූගත කිරීම්වල ද ඇය නිරත වනවා. ඒ වගේම ඇය මීට කලින් රූගත කිරීම්වල නිරත වුණ ටෙලි නාට්‍යයන් වන ඇවිත් මාව හම්බ වෙන්න,වත්සුනු,කළු දළ රළ යනාදිය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

ඇය මේ දිනවල රංගනයෙ නිරත වන දිවිතුරා ටෙලිනාට්‍යෙ වින්ඩිගෙ චරිතය තරමක් නපුරු චරිතයක් වුණත් ප්‍රේක්ෂකයින් එය ඉතාමත් ආදරයෙන් වැළඳ ගෙන ඇති බවයි ඇය පවසන්නේ. ඉතින් ඇය රංගනයට පැමිණීමට පෙර නිරූපණ ක්ෂේත්‍රය තුළ තමයි කටයුතු කරල තිබෙන්නේ.ඇය එම ක්ශේෂ්ත්‍රයට පැමිණ තිබෙන්නේ 2015 දී දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟාවලියෙන් පසුවයි. ඇය පවසන විදියට ඒ කාලයේදී රංගනයට පැමිණීම පිළිබඳව අදහසක් වත් ඇයගේ සිතේ තිබිලා නැහැ.

ඇයගේ රංගන දිවියට ඇතුළත් වීම සිදුවන්නේ 2018 වසරේ දී සනෝජා බිබිලේ මහත්මියගේ මුණගැසීමත් සමඟයි.ඉතින් ඇය නිසා තමයි නිලුෂි ඉස්සෙල්ලම තිර පරීක්ෂණයකට මුහුණ දෙන්නේ. පුංචි කාලයේ දී නිලුෂි ට ගුරුවරියක් වීමේ සිහිනයක් තිබිලා තියෙනවා.

ඇය ඒ සිහිනය සාක්ෂාත් කරගෙන තියෙන්නෙ විශ්ව විද්‍යාලයට පැමිණීමටත් පෙරම ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම සිදුකිරීමෙන්. විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුව කාර්‍යබහුල වීමත් සමග ඇය ඉගැන්වීම නතර කරලා තියනවා.නිලූෂී කියන විදියට ඇය දිගටම රංගන ක්ෂේත්‍රයෙහි නියලෙන එකක් නැහැලු.ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයට වුනත් සැලකිය යුතු මට්ටමක තැනක් ලංකාවේ නැහැ කියලයි ඇය පවසන්නේ. සාමාන්‍යයෙන් කලාකරුවෙක් තුල හදාගත් යම් පසුබිමක් තියනවා.

ඒ කියන්නෙ හොද ගෙයක් දොරක්,වාහනයක් වගේ.ඒ වුනත් නිලුෂිට නම් එහෙම අඩුම තරමේ වාහනයක්වත් නැහැලු.තවම සාමාන්‍ය ගමන් බිමන් යන්නෙ බස් එකෙන්ලු. රංගනය තුල හොද ආදායමක් ලැබිලා ස්ථාවර වෙන්න නම් සෑහෙන කාලයක් යනවා වගේම රංගනයෙන් එකපාරටම මුදල් ගොඩනගා ගැනීම අපහසු බවයි නිලුෂි පවසන්නෙ.

ඉතින් මේ විදියටයි නිලූෂි ඇගේ තොරතුරු ප්‍රේක්ෂයන් සමගින් බෙදා ගත්තේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා naifm අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු. මෙවැනි උණුසුම් ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න.

Leave a Comment