ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇමරිකානු ඩොලර් 120 ඉක්මවා තිබෙනවා. ඒ අනුව එය ඊයේ ඩොලර් 124ට ආසන්න වුණා. මේ වනවිට ලෝක වෙළඳපොළේ වාර්තාවන්නේ පසුගිය මාර්තු මාසයෙන් පසු සටහන් වන ඉහළ ම බොරතෙල් මිල යි. කෙසේවෙතත් ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල ඉහළ ගියද මෙරට තෙල් මිලෙහි වෙනසක් සිදුවෙතැයි තවමත් දැනුම්දී නැත.
