Local News

පෙට්‍රල් නැතිව මග නැවතුනු ත‍්‍රීවිලයට ඉන්ධන ලබා ගැනිමට රියදුරෙක් උපක්‍රමයක…

බූලි වලට පෙට්‍රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්‍රධාන මාර්ගයේ නතර වු ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිමට නානුඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු උපක්‍රමයක් භාවිතා කරමින් ඉන්ධන ලබා ගන්නා අයුරු දක්නට ලැබින.

තම ත්‍රිරෝද රථයේ ඉන්ධන ටැංකිය ගලවාගෙන එම ත්‍රිරෝද රථයේ අංක තහඩුව ගලවාගෙන ගෙලෙහි එල්ලාගෙන එම ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ඉන්ධන ටැංකියට ලබාගෙන ඇත.

අප ඒ පිලිබදව එම රියදුරාගෙන කල විමසුමකට ඔහු කියා සිටියේ බුලි වලට ඉන්ධන ලබා නොදෙන නිසා ප්‍රධාන මාර්ගයේ නතර වි ඇති තම ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිම සදහා මෙම ක්‍රමය භාවිතා කල බවයි.

Leave a Comment