World News

අනාත දරුවා, ඔලිම්පික් ශූරයෙක් දක්වා රැගෙන ගිය සමලිංගික පියාගේ ආදරය!

සමලිංගිකත්වය කියන්නේ අද වෙනකොටත් බොහෝ දෙනෙකු සතු පටු දැනුම් පරාසය නිසා හෑල්ලුවට ලක්වන කාරණයක්. බොහෝ දෙනෙකුගේ නින්දා අපහාස ලැබූ “ජෙරී වින්ඩ්ල්” යම් දිනයක පියෙකු වනු ඇති බව කිසිවෙක් විස්වාස කලේ නැහැ. නමුත් එක් දිනයක සිදුවූ සිදුවීමක් නිසා ජෙරී ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. තනිවම ජීවත් වූ ජෙරී ආදරණීය පියෙක් වුනේ කොහොමද? මේ ඔහුගේ ජිවීත කතාවයි.

දෙමාපියන්ගේ ආදරය තරම් දරුවෙකුට වටිනා වෙනත් කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ජෙරී වින්ඩ්ල් ට දරුවෙක් හදා වඩා ගැනීමට අවශ්‍ය වූවත් ඔහු ජිවත් වූ ඇමරිකා එක්සත් ජනපදය තුල එය එතරම් පහසු වූයේ නැහැ. වසර ගණනාවක් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඔහුට  එක්තරා අවස්තාවක කොලොම්බියාවේ අනාත දරුවන් පිලිබද ප්‍රවුර්තියක් අසන්නට ලැබුනා. ඔහු වහාම අදාල බළධාරීන් සම්බන්ධ කොටගෙන තමන්ට දරුවෙක් වෙනුවෙන් පිහිට විය හැකි බව ප්‍රකාශ කර සිටියා.

2000 වසරේ කොලොම්බියාවේ පොනොම් පෙන්හ් ප්‍රාන්තයට ගමන් කල ජෙරී, ඔහුගේ අනාගත පුත්‍රයා ජෝර්දාන් තමන්ගේ දරුවා ලෙස හදා වඩා ගැනීමට බාර ගත්තා. ඔහුගේ දෙමාපියන් දෙදෙනාම මිය ගොස් සිටි නිසා ජෝර්දාන් හැදී වැඩුනේ කිසිවෙක් නොමැති අනාතයෙක් ලෙසයි. කුඩා ළදරුවෙක් වූ ඔහු පෝෂණය හිගකම නිසාත් ශරීරයේ ඇති වී තිබූ පණු හොරි නිසාත් විශාල වශයෙන් ආසාදන වලට ලක් වී සිටීයා. ජෙරී ඔහුව ෆ්ලොරීඩා වෙත රැගෙන විත් ඔහුට අවශ්‍ය ඖෂධ සහ පෝෂණය ලබා දීමට කටයුතු කලා.

ෆ්ලොරීඩා වලට පැමිණි මෙම පිය පුතු දෙපලට ජීවිතය සිතන තරම් පහසු වූයේ නැහැ. ජෝර්දාන් රෝගාබාධ රැසකින් පීඩා විදින්නට වුනේ මේ අතරතුරේදීයී. ඔහුට දැනෙන අධික වෙහෙස, දුර්වල ශරීරය වගේම ජෙරී සමග සන්නිවේදනය කිරීමත් ඔහුට මුලදි පහසු වූයේ නැහැ. වයස අවුරුදු දෙකේදීත් ජෝර්දාන් ගේ බර වූයේ රාත්තල් 16 ක් පමණයි.ඔහුගේ පියා වූ ජෙරී ප්‍රකාශ කරන්නේ මේ අවස්තාවේ තමන්ගේ දරුවා ජීවත් වේවිද මිය යයිද යන්න පිලිබදව තමා පවා විමතියෙන් පසු වූ බවයි. නමුත් දරුවා වෙනුවෙන් සිදු කල හැකි සියලුම දේ කිරීමට ජෙරී තීරණය කර තිබුණා.

ජෝර්දාන්ට ඔලිම්පික් තරග සදහා සහභාගී වීමට සිහිනයක් තිබුනේ අවුරුදු 7 ක තරම් කුඩා කාලයක සිටයි. එක්තරා පිහිණුම් කදවුරකදී රොන් ඕ’බ්‍රියන් නම් දක්ෂ පිහිනුම් පුහුණුකරුගේ පුත් ටිම් ඕ’බ්‍රියන්ගේ අවධානය ජෝර්දාන් වෙත යොමු වුනා. ඉන්පසුව ඔහුව විශේෂ පිහිණුම් වැඩසටහනක් සදහා යොමු කරනු ලැබූ අතර ඔහු ලැබූ පළමු සාර්තකත්වය එයයි.

මේ කාලයේදීම සමලිංගික ඔලිම්පික් රන් පදක්කම් ශූරයෙක් වූ ග්‍රෙග් ලෝගනිස් හමුවීමටද ඔහුට අවස්තාව හිමි වුනා.

ඔලිම්පික් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග වල වලට තුන්වරක් සහභාගී වූ ඔහු අවසානයේ වයස අවුරුදු 15 දී තම ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට සමත් වුනා. ඒ අනුව අවුරුදු 15 ක් තරම් කුඩා වයසකදී ඔලිම්පික් තරගයක් නියෝජනය කිරීමට තරම් ඔහු වාසනාවන්ත වුනා.

ජෝර්දාන් ඔලිම්පික් තරග සදහා සහබාගී වූයේ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් වූවත් ඔහු පවසන්නේ තමන් හදවතින් කොලොම්බියාවේ ජීවත් වන බවයි. ඔහු තමන්ගේ අතේ කොලොම්බියාගේ ධජය පවා පච්චයක් ගසා ගෙන සිටින්නේ තමන් පිහිනන විට එය අනෙක් අයට දර්ශනය වීම සදහායි.

මේ පිය පුතු දෙපළ තමන්ගේ ජීවන කතාව අලළා  2011 වසරේ An Orphan No More: The True Story of a Boy, නම් ලමා කතරන්දර සහිත කෘතිය එළි දක්වනු ලැබුවා. එහි අන්තර්ගත වී තිබෙන්නේ කිකිළියක් නොමැතිව පැටියෙක් හදා වඩා ගන්නා කුකුලෙකුගේ කතාවයි. මේ කුකුලා දිනක් සියලු දෙනා බැහැර කල බිත්තරයක් තමන් රැකීමට බාර ගන්නා සිදුවීමකින් පොත ආරම්භ වී තිබෙනවා. ඔහු දරුවන්ට ප්‍රකශ කිරීමට උත්සහ කරන්නේ “ආදරය තිබෙන තැන පවුලක් ඇත.” යන්නයි.

පවුලේ සිටින පිරිස ප්‍රමාණයෙන් නොව ඔවුන් දරුවන්ට ලබා දෙන ආදරයෙන් දරුවන්ගේ ජීවිතය ආලෝකමවත් වන බව ජෙරී අපිට ලබා දෙන පණිවිඩයයි.

Leave a Comment