අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ දැනට ඉන්න තිබෙනුයේ ඩීසල් දින දෙකකට සහ පෙට්රල් දිනකට පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය මගින් රට තුල ඉන්ධන පෝලිම් වැඩි වී ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගිය බවයි.
සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් නිෂ්පාදනය කළ ද ජනතාවට අවශ්‍ය පරිදි ඒවා බෙදා හැරීමට නොහැකි වී ඇති බව ද ඔහු පැවසීය.
අද වන විට සති දෙකක් තිස්සේ කිසිම ඉන්ධන වර්ගයක් නොලැබුන පිරවුම්හල ද ඇති බවත් රට තුළ ඉන්ධන අර්බුදය ඉතාම දරුණු ලෙස වර්ධනය වී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ අතර ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව මෙරටට අද දිනයේ පැමිණීමට නියමිතය.
නමුත් තවත් පෙට‍්‍රල් නෞකාවක් ලැබෙන්නේ කවදාදැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය කිසිවක් සඳහන් කර නැත.