වැඩි මිලට ගෑස් ගත්තේ ඇයි ලිට්රෝ සමාගම කියයි
සැපයීමේ නැව් ගාස්තුව වැඩි වුණත් අඛණ්ඩ සැපයුමක් සහතික කර ඇති බැවින් OQ ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මිල දී ගැනීමට තම සමාගම කැබිනට් අනුමැතිය ලබාගත් බව ලිට්රෝ සමාගම පවසනවා.
මෙලෙස වැඩි ගාස්තුවක් සහිත සමාගමකින් ගෑස් මිල දී ගන්නේ විවිධ පටු වාසි ලබා ගැනීමේ අරමුණින් බව ද ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන චෝදනා අසත්‍ය බවත් එම සමාගම පවසනවා.
ඇතිවී තිබෙන උග්‍ර ගෑස් හිඟය හමුවේ අඛණ්ඩ සැපයුමක් සහතික කළ හැකි සැපයුම් කරුවෙකුගෙන් ගෑස් සපයා ගැනීමට අවධානය යොමු කිරීමේදී සමාගම් තුනක් ලිට්රෝ සමාගමට මිල ගණන් ඉදිරිපත් කරනවා. එම සමාගම් තුන අතර Siam trading, OQ trading සහ BB energy සමාගම් තුනයි.
Siam trading – ඇමරිකානු ඩොලර් 112
OQ trading – ඇමරිකානු ඩොලර් 129
BB trading – ඇමරිකානු ඩොලර් 148
Siam trading සමාගම – ඇමරිකානු ඩොලර් 112 මිලක් ඉදිරිපත් කලත් පවතින ආර්ථික තත්වය හමුවේ ඔවුන්ට ලබාදිය හැක්කේ ගෑස් මෙට්‍රික්ටොන් 6600ක් පමණක් වීමත් එම ගෑස් ප්‍රමාණය දින 4කට පමණක් ප්‍රමාණවත් වීම නිසාත් , දෙවෙනියට ගණන් ඉදිරිපත් කල OQ trading සමාගම අඛණ්ඩව ගෑස් මෙට්‍රික්ටොන් 100,000ක් ,(මාස 4කට සරිලන ගෑස් ) සපයා දීමට එකඟවීමත් සමග OQ trading සමාගමෙන් ගෑස් සපයාගැනීමට තීරණය කල බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
මේ අනුව OQ trading සමාගමෙන් ගෑස් සපයාගෙන පවතින ගෑස් හිඟය සහ පෝලිම් නැවැත්වීමට කඩිනමින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැඩි විස්තර පහත වීඩියෝව තුලින්,