අද්භූත දේවල් කියන්නේ අපි හැමෝගෙම කුතුහලය වර්ධනය කරවන තවත් අය බියට පත් වෙන තවමත් හරි හැටි පැහැදිලි කිරීමක් ලබා දෙන්න අපහසු වුන සිදුවීම් දාමයක්. සමහරක් අය මේ වගේ අද්භූත දේවල් තියෙනවා කියල විශ්වාස කරද්දී තවත් සමහර අය ඒ වගේ දේවල් විශ්වස කරන්නේ නැහැ. නමුත් හොල්මන් ජායාරූප ගත වුන ජායාරූප තිබ්බොත් ඔයා මොකද කියන්නේ? අද මේ ලිපිය හරහා අපි ඔයාලට ගෙන එන්නේ සත්‍ය හොල්මන් සිදුවීම් 9 ක් ගැනයි. විශේෂත්වය වෙන්නේ මේ ජායරූප අසත්‍යයි කියන්න කිසිදු සාක්ෂියක් හමු නොවීම. ඉතින් අපි බලමු මොනවද මේ ජායාරූප කියල.
අංක එක.

කූපර් පවුලේ මේ සිදුවීම අදටත් අභිරහසක්. මේ ජායාරූපය ඔවුන් ගෙන තිබුනේ ටෙක්සාස් නගරයේ අලුත් නිවසකට පැමිණි විගසමයි. ජායාරූපය ගන්නා මොහොතේ කිසිදු අසාමාන්‍ය දෙයක් දැක ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. නමුත් සිවිලිමෙන් පහලට එල්ලී සිටින මේ පුද්ගලයාගේ රුව ජායරූපයේ සටහන් වී තිබුනා. සංස්කරණය කිරීම් හෝ වෙනත් උපක්‍රම භාවිතා කරමින් ජායාරූපය වෙනස් කිරීමේ හැකියාවක්ද එකල පැවතුනේ නැහැ.
අංක දෙක.

මිලියන ගණනක් වීව්ස් ලැබුණ මේ වීඩීයෝව සත්‍ය බව පවසමින් වගේම අසත්‍ය බව පවසමිනුත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැක්වූවා. මේ භූමිකම්පාවක්ද? එසේත් නොමැති නම් අවතාරයක්ද? මේ සිදුවීම නම් ඉතාම සරලව පැහැදිලි කරන්න අපිට පුලුවන්. මේ මලයාසියානු චිත්‍රපටියක පූර්ව දර්ශන පටිගත කිරීමක්. ඉතින් ඒ නිසා මෙතන කිසිම අස්වාභාවික සිදුවීමක් නැති බව ඔයාට කියන්න ඕන.
අංක තුන.

මේ තියෙන්නේ ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක් වුන අවතාර ජායාරූප අතරින් එකක්. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ ජායාරූපයේ අපි දකින්නේ ඩොරති වැල්පෝල් නම් කාන්තාව බවයි. ඇය හදුන්වන අන්වර්ත නාමය වන්නේ දුඹුරු ආර්යාව යන්නයි. ඇයගේ සැමියා ඇය තමාට වංචා කරන බවට සැක කර ඇයව රේන්හැම් ශාලාව තුල සදාකාලිකවම සිරගත කර තැබුවා. ඩොරති එම ශාලාව තුලම අවාසනාවන්ත ලෙස මිය යාමෙන් පසු ඇය එම ශාලාව අවට ප්‍රදේශයේ සැරි සරමින් සිටි බව බොහෝ දෙනෙක් වාර්තා කර තිබුනා.
අංක හතර.

මෙම ජායාරූපය ලබා ගෙන තිබුනේ 1924 වසරේදීයී. ජලයේ දකින්නට ලැබෙන මෙම අද්භූත රුව පිලිබදව මත කිහිපයක්ම ඉදිරිපත් වී තිබුනා. නමුත් එම එක් මතයක් හෝ සනාත වන සාක්ෂි ඉදිරිපත් වූයේ නැහැ. බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ මෙම ස්තානයේ අවාසනාවන්ත ලෙස මිය ගිය ජේම්ස් කෝර්ට්නි සහ මයිකල් මීහන් ගේ ආත්මය මෙම ස්තානයේ සැරි සරන බවයි.
අංක පහ.

මෙම ජායාරූපය ලබා ගෙන තිබුනේ 1962 වසරේදීයී. මෙම ජායාරූපය ව්‍යාජ එකක් බව සනාත කිරීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.1978 වසරේ මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් හදුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් රැසක් වර්ගීකරණය කරනු ලැබූ අතර මෙම ජායාරූපය අයත් වූයේ ජායාරූප කොටසටයි.
අංක හය.

මෙම ජායාරූපය ලබා ගෙන තිබුනේ 1959 වසරේදීයී. ඇය සහ ඇයගේ සැමියා මේ යන්නේ සුසාන භූමියේ නිදන් කර සිටින තම මව බැලීමටයි. මෙම ජායාරූපයේ සිටින කාන්තාව මේබල් ට ඔවුන් දෙදෙනාගේ ජායාරූපයක් ලබ ගැනීමට අව්ශ්ය වුනා. ජායාරූපය ප්‍රින්ට් කිරීමෙන් පසු ඇය භීතියට පත් වුනේ තමන්ගෙ මිය ගිය මව පිටුපස අසුනේ සිටින ආකාරය දැකීමෙන් පසුවයි. මේ ජායාරූපය ගැන මති මතාන්තර බොහොමයක් පල වූ අතර එහි සත්‍ය අසත්‍යතාවය පිලිබදව කරුණු කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
අංක හත.

මෙම ජායාරූපය ලබාගෙන තිබෙන්නෙ 1987 වර්ෂයේ යුධ හමුදා මූලස්තානයක් තුලයි. ඇය මෙම ජායාරූපයට පෙනී සිටියේ තනිවමයි. එසේම එම දිනයේ ඇයට අධික සීතලක් දැනුනු බවද ඇය ප්‍රකාශ කර තිබුනා. කෙසේ වෙතත් ජායාරූපය ප්‍රින්ට් කිරීමෙන් පසු රියදුරු අසුනේ තවත් පුද්ගලයෙක් සිටින ආකාරය දැක ගන්නට ඇයට හැකි වුනා. තවමත් මේ ජායාරූපය සත්‍යද අසත්‍යද යන්න හෙලි වී නැහැ.
අංක අට.

එංගලන්තයේ, උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ අලුතින්ම ඉදි කල පල්ලියක් අසලදී ලබා ගත් මෙම ජායාරූපයේ අද්භූත ආත්මයක් සිටින ආකාරය ඔබට පැහැදිලිවම පෙනෙනවා ඇති. විමර්ශන වලින් හෙලි වුනේ මෙම රුව සත්‍ය වශ්යන්ම අද්භූත එකක් බවයි.
අංක නවය.

බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මෙම ජායාරූපය ජපානයේ සංදර්ශනයක් අතරතුරේදී ලබාගත් අස්වාභාවික එකක් බවයි. කෙසේ වෙතත් වැඩි දුර සිදු කල සොයා බැලීම් වලින් හෙලි වූයේ එය අසත්‍ය එකක් බවයි. මෙහි දකුණු පස ජායාරූපයේ සත්‍ය ජායාරූපයත් වම් පස ජායාරූපයේ සකස් කරන ලද ජායාරූපයත් දැක ගන්නට පුලුවන්.