Local News

ඉල්ලුමට සැපයුම දෙන්න බෑ විදුලි කප්පාදුව වසර ගණනක්

කඩිනමින් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකළහොත් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව වසර කිහිපයක් පුරා පවතිනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

අද දවසේ විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ ද ඉන් විදුලිය ලබාගැනීමට වසර තුනක පමණ කාලයක් ගතවන නිසා දැනට තිබෙන තත්ත්වය අනුව වසර තුනක් යන තුරු විදුලි කප්පාදුවක් සිදු ඇතැයි සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේය.

පසුගියදා ආණ්ඩුව විසින් විදුලි පනත සංශෝධනය කරනු ලැබුවේ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවස්ථාව සැලසීම මූලික කරගෙන බව ද ඔහු පැවසීය.

Leave a Comment