Local News

‘බෑනගේ විශ්‍රාම වැටුපට නැන්දම්මා දුන්න වැඩේ’ අවුරුදු 10ක් බෑනගේ බිරිද වෙලා

තම මෙලොව හැර ගිය බෑනාගේ විශ්‍රාම වැටුප වසර 10කට ආසන්න කාලයක් තිස්සේ හොරෙන් ලබාගෙන රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් නීති විරෝධී ලෙස ගත් නැන්දම්මා සහ ඒ සදහා අනුබල දුන් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්වරයෙකු සහ ගණකාධිකාරවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබදවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව නීති විරෝධීව විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරවරයෙකු ප්‍රමුඛ පරීක්ෂණ මණ්ඩලයක් මේ පිළිබදව සොයා බලා ග්‍රාම නිලධාරියා නොදැනුවත්ව කළ කටයුත්තක් යැයිද අදාළ කාන්තාව නීතී විරෝධීව ලබා ගත් විශ්‍රාම වැටුප් මුදල නැවත ගෙවන ලෙසද නිර්දේශ කර ඇති බවත්, එය නීති විරෝධී ක්‍රියාවකට අනුබල දීමක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිටි මෙම විශ්‍රාමිකයා 2008 වසරේ මෙලොව හැර යෑමෙන් පසුව ඔහුගේ බිරිඳගේ අම්මා තමන් බිරිය යැයි පවසමින් වැන්දඹු විශ්‍රාම වැටුප ලබා ගෙන ඇති අතර ඇය ඒ සඳහා අවශ්‍ය ජීවිත සහතික ඇතුළු සහතික සකස් කර දී ඇත්තේ චෝදනාවට ලක් වූ ග්‍රාම නිලධාරියා බවද කියති. මෙම විශ්‍රාමිකයාගේ බිරිඳද 2003 වසරේ මෙලොවින් සමු අරන් ඇති බව හෙළි වී තිබේ. මේ අතර අදාළ කාන්තාව නීතිවිරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප ලෙස ලක්ෂ 25 ක පමණ මුදලක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ඇතැයිද දැනගන්නට තිබේ.

Leave a Comment