පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට මිනීමරු සහරාන් ෆෝම් කළේ යහපාලන ආණ්ඩුව කාලයේදී බවත් විපක්ෂයට පවතින රාජපක්ෂ භීතිකාව නිසා ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙන ඒමට ප්‍රහාරය සිදු කළා යැයි අසත්‍ය චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කියා සිටියේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදින විවාදය අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීම ඉන්පසුව සිදු විය. අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිනට නියමිත වූ දෙදින විවාදය ප්‍රථම දිනය ආරම්භ කෙරිණි.