Gossip Lanka Life Story

‘මං ඉතින් ඒ කාලේ ඉඳන්ම සංගීත් අයියව දන්නවා’ හුරුබුහුටි රංගන ශිල්පිනී ප්‍රවීනා

වැව්බැඳී රජරටින් ඇය කලාවට එකතු වන්නේ නර්ථන ශිල්පිනියක ලෙසයි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබු කාලයේ විෂයය බාහිර විවිධ ක්‍රියාකාරකම්වලින් මෙන්ම නර්ථනය හැදෑරිමෙන් ලද පන්නරය නිසා ඈ කලාවට යොමු වූවාය.

අන්තර් ජාලයේ යූ ටියුබ් (You tube) නාළිකාවක් ඔස්සේ තම නිසඟ නර්ථන කලා හැකියාව මනාව ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඇයට රංගනය සඳහාද අවස්ථාව උදා විය. ඒ ශ්‍රි ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංක එකේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබමිනි.

මේ වන විට සතියේ දින පහේම රාත්‍රි 9.30 ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ගීතිකා ලෙසින් ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය. කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය නව පරපුරේ නිළි ප්‍රවීණා කල්පනී නම් වන්නීය.

  • ආධුනික කලා ශිල්පිනියක් නිසා මුලින්ම සම්පුර්ණ නම කියමුද?

ප්‍රවීනා කල්පනි දිසානායක.

  • එතකොට ඉන්නේ කොහෙද?

මගේ උපන් ගම අනුරාධපුර එප්පාවල ඉහළ හල්මිල්ලෑව. එහෙම තමයි පදිංචියත්. කලා වැඩවලදි දෙල්ගොඩ ඥාති සහෝදරියකුගේ ගෙදර ඉඳගෙන ඒ කටයුතු වලට දායක වනවා.

  • දැන් වයස කීයද?

අවුරුදු විසිතුනයි.

  • පවුලේ විස්තර කිව්වොත්?

අම්මයි, අප්පච්චියි, මමයි අම්මා රජයේ නිලධාරිනියක්. අප්පච්චි ව්‍යාපාරිකයෙක්.

  • ඉගෙන ගත්ත පාසල?

මුලින් ගියේ අපේ ගමේ තියෙන පාසල වන එප්පාවල ශ්‍රි සිද්ධාර්ථ විද්‍යාලයට. ඊට පස්සේ මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා අනුරාධපුර සෙන්ට්‍රල් කට එනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කළේ ඒ පාසලේමයි. උසස් පෙළ තමා හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන් .

  • ප්‍රවීණා කලාවට එන්නේ කොහොමද?

මම පාසලේදි වේදිකා නාට්‍ය රංගනය හා නැටුම් කළා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්නකොට නර්ථනය ගැන වැඩිදුර හැදෑරුවා. ඊට පස්සේ මගේ නර්ථන අංග දර්ශන ඇතුළත් විඩියෝවක් අන්තර් ජාලයට දැම්මා. ඒක ගොඩක් දෙනා බලලා තිබුණා. ඒකෙන් පස්සේ තමයි මට මේ රංගනය සඳහාත් අවස්ථාව ලැබුණේ.

  • රංගනයට ඒ අවස්ථාව ලැබුණු විදිහ මතක් කළොත්?

මගේ නර්ථන විඩියෝව දැකලා සංගීත් අයියත් (යොවුන් රංගන ශිල්පි සංගීත් ප්‍රභූ) නාට්‍ය අධ්‍යක්ෂකතුමත් කතා කරලා තමයි මේ අවස්ථාවට මට මඟපාදා දෙමින් සහයෝගය ලබාදුන්නේ. සංගීත් අයියා අපේ පැත්තේම කෙනෙක් ඊට පස්සේ මට මේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහතා කතා කරලා ඔන්ලයින් ක්‍රමයට මට තිර පරීක්ෂණයකට ඉදිරිපත්වීමට අවස්ථාව ලබලා දුන්නා. ඊට පසුවයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනය සඳහා මට අවස්ථාව ලැබුණේ.

  • සංගීත් ප්‍රභූත් ඔයා ගිය පාසලේම අයෙක්ද?

නෑ. එයා යාබද සහෝදර පාසලක ඉගෙන ගත්තේ. මං ඉතින් ඒ කාලේ ඉඳන්ම සංගීත් ඓයව දන්නවා.

  • නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කොහොමද?

හරිම විනෝදයි, රසවත්. ලොකු සතුටක් ලබනවා. ප්‍රවිණයන් ඇතුළු මුළු ටීම් එකම එකට එකතු වෙලා තමයි මෙහි වැඩ කටයුතු කරගෙන යන්නේ එහෙම වැඩ කරනකොට ඔවුන් හැමොගෙන්ම වාගේ මටත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

  • එහි ඔබේ චරිතය ගැන කීව්වොත් ?

ගීතිකා තමයි චරිතයේ නම. හරිම සරල අහිංසක චාම් චරිතයක්. ඕනෑම දෙයකට ඉදිරිපත් වීමේ හැකියාව තියෙන කෙනෙක්. මං පාසලේදී වුණත් නැටුම් විෂයයක් ලෙස කරලා තිබුණු නිසා මේ චරිතයට මාව තෝරගන්න ඇති කියලා මට හිතෙනවා. ඒකත් මට මේ චරිතය කරන්න පහසු වුණා.

මෙහිදී ප්‍රවිණයන් එක්ක තමයි මට රඟපාන්න තියෙන්නේ ප්‍රසන්නජිත් සර් (ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රසන්නජිත් අබේසූරිය) ලොකු සහයෝගයක් ලබා දෙනවා. මෙහිදී මගේ අඩුපාඩු හදාගෙන මට හැකි උපරිමයෙන් නිවැරැදිව මේ චරිතයට සාධාරණය ඉටු කරනවා. ඒ වගේම පාඨලි, කවඩියා, සරා, පොඩ්ඩි යන සියලු දෙනාමත් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා මගේ මේ චරිතය වෙනුවෙන්.

  • රූගත කිරීම් වලදි සිදු වූ අමතක නොවන දේවල් එහෙමත් ඇති නේද?

ඔව් අයියා, මේ දක්වා රූගත කිරීම් කරපු අවස්ථා හැම එකකම වාගේ ‌බොහෝ දේවල් තියෙනවා.

මම එයින් එක් අවස්ථාවක් කියන්නම් මගේ චරිතයේ අවස්ථාවක් තිබුණා අපි ගෑනු ළමයින් තුන්දෙනා පාරේ ඇවිදගෙන පන්තියට යනවා. එහෙම යනකොට මාලන් (ජනප්‍රිය රංගන ශිල්පි කෝකිල පවන්) ඔහුගේ කාර් එකෙන් බැහැගෙන ඇවිත් ‘ඕ හරිම බියුටිකියුටි ගර්ල්ස්ලා මං හරි ආසයි ඔයාලට’ ඒ වචන ටික එදා කෝකිල අයියා කියාගෙන ආපු විදිහට මට එදා මගේ හිනාව නවත්ත ගන්න බැරි වුණා.

  • මෑතක සිට ප්‍රවිණා මියුසික් විඩියෝවක් තුළිනුත් සෑහෙන ජනප්‍රිය වෙලා නේද?

ඔව්, අයියේ මේ වෙනකොට යූ ටියුබ් එකෙන් මිලියන 4ක් එය නරඹලා තිබුණා මට හිතාගන්න බෑ. මම දාලා තිබුණ ඒ නර්ථන විඩියො එකෙන් පස්සේ තමයි මේ අවස්ථාවත් මට ලැබුණෙ කියලයි මට හිතෙන්නේ බොහෝ අය මට අන්තර් ජාලය හරහාත් දුරකථනයෙන් කෙටි පණිවිඩවලිනුත් විවිධ මට්ටමින් ඒ සඳහා ප්‍රතිචාර විශාල ලෙස ලබාදීලා තියෙනවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි කියන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

  • එයට පසුබිම් වු ගීතය ගැන සඳහන් කළොත්?

ඇත්තටම මං ඒ ගැන කියන්නම ඕනේ ශෂිකා නිසංසලා අක්කගේ අලුත්ම ගීතයක් වන “චන්ද්‍රා පායන්න ගංඟා බැස යන්න” කියන ගීතය. ඒ ගීතයට මගේ රංගනයත් එක්ක ඒ මියුසික් විඩියෝවේ ජනප්‍රියත්වයත් සමඟ මෙතරම් දුර යන්න එය ඉවහල් වුණා කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම ශෂිකා අක්කගේ ගායනයත් අක්කගේ ගීතයකට ඒ විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීමත් මං ලබපු ලොකු වාසනාවක්. අගය කොට සලකනවා එවන් අවස්ථාවක් ලැබුණ එක ගැන.

  • වෙනත් ටෙලි නාට්‍යවලට කතා කරලා නැද්ද?

කිහිපයකට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවායිනුත් මං තෝරගත්ත එක නිර්මාණයක ෂුටිං වැඩ ආරම්භ කිරිමේ කටයුතු දින වකවානුද සහිතව නියම කර තිබුණා. ඒත් කොරෝනා නිසා ඒකත් කල් ගියා. හොඳ නිර්මාණ ලැබුණොත් ඉදිරියට රඟපාන්න තෝරා ගන්නවා.

  • රංගන ක්ෂේත්‍රයට ප්‍රවීණා දැන් ආවා විතරයිනේ මේ ගැන හැදෑරිමක් එහෙම කරනවද?

මගේ තියෙන අඩුපාඩුත් හදාගෙන ඉදිරියට වැඩ කරගෙන යනවා ඒ වගේම රංගනය ගැන හදාරන්නත් ඕනේ ඉස්සරහට.

  • ඔ‌බේ මේ කටයුතුවලට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා හරි අප්පච්චි හරි මගේ පිටුපසින් හැම වෙලාවෙම මාත් එක්ක යනවා එනවා.

  • දැන් අම්මයි, අප්පච්චි පස්සෙන් ආවා ඇති නේද? ප්‍රවීණාටම කෙනෙක් හොයා ගත්තොත් නරකද?

(ඇය එයට සිනාසෙයි…) ඉස්සරහට බලමු.

  • ඇත්තටම දැන් ඒකට ප්‍රවීණා කෙනෙක් හොයා ගෙනද ඉන්නේ?

තවම නෑ.

  • ජනප්‍රිය යොවුන් නළු සංගීත් ප්‍රභූ හා ඔයා අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද?

නෑ… එහෙම දෙයක් නෑ අපි දෙන්නා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපානවා පෙම්වතුන් ලෙස එච්චරයි. එහෙම සම්බන්ධයක් නෑ.

  • දෙමාපියන් ගේන යෝජනාවකින්ද ප්‍රවීණාම හොයා ගන්න කෙනෙක්ද අනාගත සහකරු කරගන්න කැමැති?

තවම මං ඒ ගැන හිතලා නෑ. තව කල් තියෙනවා ඒකට. දෙමාපියන් එහෙම මට බල කරලත් නෑ මේ විදිහට මෙහෙම අයෙක්ව කසාඳ බඳීන්න කියලා. ඒ ගැනත් ඉස්සරහට බලමු.

  • අනාගත බලාපොරොත්තු මොනවද?

හොඳ නිර්මාණවලට ඉස්සරහට දායක වෙන්නත් මගේ වැඩිදුර අධ්‍යාපන වැඩකටයුතු තව දුරටත් ඉදිරියට කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදි මං විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම, රචක සද්ධා මංගල සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ සිවගුරුනාදන් යන මහතුන්.

ඒ වගේම සරසවිය පත්තරේට, මගේ පිටි පස්සෙන් තනි නොතනියට හැමදාම යන එන අම්මා, අප්පච්චිත් ටෙලි නාට්‍යයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ප්‍රේක්ෂකයින් හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

උපුටාගැනීම – ගොසිප්ලංකා

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

Leave a Comment