World News

ලොවක් ආදරය කල ඩයනා කුමරියගේ සැගවුණු ජීවිතයේ රහස් 9 ක්!

ලොවක් ආදරය කල ඩයනා කුමරියගේ ජීවිතයේ ඔබ මෙතෙක් නොදැන සිටි දුක්බර කාරණා 10 ක්.

ඩයනා කුමරිය කියන්නේ මුළු මහත් ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත් වූ ආදරණීය කාන්තාවක්. මේ හේතුව නිසාම ඇය මිය ගොස් දශක කිහිපයක් ගත වූවත් ඇයගේ කරුණාවන්තකම, ඇයගේ රූප සොභාව ඇතුළු ඇය සතුව තිබූ අපූරු ගුණාංග පිලිබදව මතකයන් බොහෝ දෙනෙක් සතුව තිබෙනවා. අපි හොදින් දන්නා  පරිදිම ඇයගේ සුන්දර සිනහව පිටුපස තිබුණේ බොහෝ ඛේදජනක කතාන්දරයක් වීම කණගාටුවට කරුණක්.

ඇය අතීතයේ පෙනී සිටි ජායාරූප වල ඇයගේ දේහ ලක්ෂණ අනුව සිදු කරනු ලැබූ විශ්ලේෂන වලින් හෙළි වී තිබෙන අපූරු කාරණා කිහිපයක් මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

  • ඩයනා කුමරිය ආදරණීය මවකි.

ඩයනා කුමරීය නිතරම තමන්ගේ දරුවන්ට බෙහෙවින් ආදරය කල කාන්තාවක් වෙනවා. ඇය තම දරුවන් සමග ඇවිදින්නට යන අවස්තා වලදී, දරුවන්ගේ අත් අල්ලාගෙන සිටින ආකරය අනුව එය පැහැදිලි වන බව බොහෝ දෙනාගේ අදහසයි. දේහ ලක්ෂණ විද්‍යාව පිලිබදව හොදින් හැදෑරූ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ ඇය තමන්ගේ දරුවන් දෙදෙනාටම එක සේ ආදරය කල ආදරණීය මවක් බවයි.

  • ඇය තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව බියෙන් පසු වූ බව.

මේ ජායාරූපය ඇයගේ ජායාරූප එකතුවේ ජනප්‍රිය ජායාරූපයක් නම් නොවෙයි. මේ ජායාරූපයේ දකින්නට ලැබෙන ආකාරයට ඇය තමන්ගේ දරුවන් තමන් අසලටම ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව ඇය මේ උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් හැකි තරම් ආරක්ෂා කර ගැනීමටටයි. එයට හේතුව ඇය යම් කාරණයක් නිසා තමන්ගේ ජිවීතය සහ දරුවන්ගේ ජීවිතය ගැන සැකයකින් පසු වීම නිසා බව අපිට කියන්නට පුලුවන්.

  • ඩයනා කුමරිය දරුවන් අසලම සිටීමට උත්සාහ කල මවකි.

ඩයනා කුමරිය නිතරම තම දරුවන්ගේ නිදහස අගය කල මවක් වෙනවා. නමුත් ඇය නිතරම තම දරුවන්ට ඒත්තූ ගැන්වූයේ අවශ්‍ය මොහොතක ඇය ඔවුන් සමග සිටින බවයි. විවිධාකාර උත්සව වලදී ඇය තමන්ගේ දරුවන් ප්‍රසිද්ධියේ සිප වැලදගත් අතරම ඇය නිතරම දරුවන්ට සහයෝගය දක්වන බව ඔවුන්ට දැනෙන්නට ඉඩ හැරියා. තමන්ගේ දරුවන් බොහෝ ආදරණීය ලෙස ස්පර්ශ කරන ඩයනා කුමරියගේ ජායාරූප බොහොමයක් ලබා ගැනීමට ජායාරූප ශිල්පීන් සමත් වුනා.

  • ඩයනා කුමරියට චාර්ලස් කුමාරයා පිලිබදව තිබූ හැගීම.

මේ ජායාරූපය ඩයනා කුමරිය සහ චාර්ල්ස් කුමාරයා ලබා ගත්තේ පොදු මහජනයා ඉදිරියේදීයී. මේ ජායාරූපය දෙස බලන ඔනෑම කෙනෙකුට පෙනී යන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයන්ට වඩා සාමාන්‍ය යහලුවන් ලෙසයි.

එයට හේතුව වන්නේ චාර්ල්ස් කුමාරයා ඩයනා කුමරියගේ උරහිස ස්පර්ශ කරන මොහොතේ ඇය විලියෙන් හැකිලීමයි. තමන්ගේ ආදරවන්තයා සමග ජායාරූපයකට පෙනී සිටින යුවතියකගේ දේහ ලක්ෂණ ඇය මේ මොහොතේ පෙන්වන්නේ නැහැ.

  • ඩයනා කුමරිය සතුව තිබූ අනාරක්ෂිත බව මුසු බිය.

ඩයනා කුමරිය සහ චාර්ලස් කුමාරයා විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කල මොහොතයි මේ. චාල්ස් කුමාරයා බොහෝ සනසුන් ඉරියව් පෙන්නුම් කලත් ඩයනා කුමරිය නිතරම තමන්ගේ නියපොතු සපමින්, බිම බලමින් සහ තරමක් අපහසුවෙක් එම ස්තානයේ කල් ගත කරන අන්දම ජායාරූප බොහොමයකම සටහන් වී තිබෙනවා.

මෙහිදී සිදුවූ එක්තරා සංවාදයක්ද ඩයනා කුමරිය දුකට පත් කරවන්නට සමත් වුනා.

එක්තරා මාධ්‍යවේදියෙක් ඔවුන් දෙදෙනාගෙන් මෙසේ විමසා සිටියා.

මම හිතන්නේ ඔයාල ආදරය කරනවා?

ඩයනා කුමරියට එයට පිළීතුරු දෙමින් ප්‍ර්කාශ කලේ  “ ඔව්, අනිවාර්‍යෙන්ම” යනුවෙන් වූවත් චාල්ස් කුමාරයා ලබා දුන්නේ වෙනස් පිළීතුරක්. ඔහු ප්‍රකාශ කලේ “මොකක් හරි” යනුවෙනුයි. මේ මොහොතේ ඩයනා කුමරියගේ සුන්දර සිනහව ගිලිහී ගොස් ඇය කණගාටුවෙන් බිම බලාගත් අන්දමද කැමරා කාච වල සටහන් වී තිබුණා.

  • විවාහයේදී පවා දුරස් වී සිටි රාජකීය යුවල.

රාජකීය විවාහයක් කියන්නේ නීති රීති සිය ගාණක් පිළිපැදිය යුතු ලෝකයේම අවධානය යොමු වන අවස්තාවක්. ඩයනා කුමරියගේ විවාහ ජායාරූප අතර ඔවුන් දෙදෙනා සතුටින් සිනහවෙමින් විනෝදයෙන් සිටින එකදු ජායාරූපයක් හෝ ඇත්තේ නැහැ. සැබැවින්ම ආදරය කරන දෙපලකගේ ජීවිතයේ එවැනි සතුටුදායක එක් ජායාරූපයක් හෝ නොතිබීම පුදුමයට කාරණයක් වෙනවා. දේහ ලක්ෂණ පිලිබද විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ ඔවුන් දෙදෙනා ගතින් ලං වී සිටියත් සිතින් බොහෝ දුරස් බව මේ ජායාරූප වලින් පෙනී යන බවයි.

මේ ජායාරූපයේ පෙනී යන්නේ ඩයනා කුමරිය සහ චාල්ස් කුමාරයා සිප ගන්නා අවස්තාවයි.නමුත් ඔවුන් දෙදෙනා අතර ඇති පරතරය අනවශ්‍ය තරම් විශාල එකක් වෙනවා.

  • පොදු ස්තාන වලදී ඩයනා කුමරියගේ හැසිරීම.

රාජකීය පවුලේ නීතියට අනුව විවාහ වී සිටින රාජකීය යුවලකට පොදු මහ ජනයා ඉදිරියේ අනවශ්‍ය තරම් සමීප වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනා එම නීතිය අනුගමනය කරමින් දෙදෙනාට දෙදෙනා බොහෝ දුරස් බව හැගෙන්නට සලස්වමින් කටයුතු කරන ආකාරය මේ ජායාරුප වලින් දැක ගන්නට පුලුවන්. ඔවුන් දෙදෙනා කැනඩාවේ සිදු කල විශේෂ සංචාරයේදී පවා එකිනෙකා ප්‍රතික්ශේප කරමින් කටයුතු කලේ මේ ආකාරයටයි.

  • දරුවන් නිසා හෝ ඔවුන් දෙදෙනා සමීප වූයේ නැහැ.

ඩයනා කුමරිය, චාල්ස් කුමාරයා සහ විලියම් කුමාරයා පෙනී සිටින මෙම ජායාරූප වල චාල්ස් කුමාරයා නිතරම සිටින්නේ දරුවන්ට හැකි තරම් දුරට වන්නටයි. ඒ වගේම ඔහු තම බිරිද හෝ දරුවා ස්පර්ශ කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැහැ. දරුවන් සමග සෙල්ල්ම් කරනවා වෙනුවට ඔහු උත්සාහ කරන්නේ තම අත් තම උකුල මත තබා ගැනීමටයි. නමුත් ඩයනා කුමරිය උපරිම උත්සාහ කරන්නේ දරුවා සමග සෙල්ලම් කිරීමටයි.

  • ඩයනා කුමරිය චාල්ස් කුමාරයාට දැක්වූ ආදරය.

තමන්ගේ හනිමූන් සංචාරය තුලදී ඩයනා කුමරිය දුකින් සහ ආතතියෙන් කල් ගත කරන ජායාරූප බොහොමයක් දැක ගන්නට හැකි වූවත් ඇය චාල්ස් කුමාරයාට සැබවින්ම ආදරය කරන බව පෙනෙන ජායාරූප කිහිපයක්ද ඒ තුල තිබෙනවා. මධ්‍යධරණී මුහුදේ සිදු කල සංචාරයකදී ලබා ගත් මෙම ජායාරූපයේ ඇයගේ සුන්දර සිනහව දැකගන්නට අපිට පුලුවන්. විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ ඩයනා කුමරිය සත්‍ය වශ්‍යෙන්ම චාල්ස් කුමාරයාට ආදරය කල බවට මෙම ජායාරූපය සාක්ෂියක් වන බවයි.

Leave a Comment