Local News

“අනේ අයියෝ, මට සනීප නැති හින්ද ආවේ. අනේ මගේ මනුස්සයා” වනවාසල දුම්රිය අනතුරේ හෙළි වුණු වෙනස්ම කතාවක්

කැලණිය – වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී ගිනි ගැනීමෙන් ඊයෙ සිදු වූ අනතුරකින් පෞද්ගලික ආයතනයක ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට දිවි අහිමි විය. පොලිසිය පැවසුවේ ඔහු කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තුන්දරු පියෙකු බවයි. ඔහු දිවා ආහාර රැගෙන ඒම සදහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදු ව ඇති බවයි සදහන්.

මෙම පුද්ගලයා නිවසින් පිටතට යාමට පෙර සිය පුත්‍රයාට ඔහු සමග යාමට එන ලෙස ප්‍රකාශ කර ඇති අතර පුතු ඔහු සමග පැමිණ නැහැ. අනතුරුව ඔහු තනිවම මෙලෙස මෝටර් රථයෙන් ගමන් කර තිබෙනවා. බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයට ක්‍රියාත්මක දුම්රිය සංඥා සහිත හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ධාවනය කිරීමත් සමගයි. මෝටර් රථය දුම්රියේ ගැටී ඇත්තේ. අනතුරුව මෝටර් රථය දුම්රියේ පැටලී ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. ප්‍රදේශවාසියෙකු සදහන් කර සිටියේ දුම්රිය හරස් මාර්ගයට වසා දමන ආරක්ෂිත ගේට්ටුවක් නොමැතිවීම නිසා අනතුර සිදු ව ඇති බවයි.

Leave a Comment