2021 වසරේ විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධව ඇති වුන ආන්දෝලාන්ත්මක සිදුවීම ඔයාලට මතක ඇති. අපි දැන් කතා කරන්නේ ඒ ගැන නම් නෙමෙයි. සිදුවීම් ගණනාවකට පස්සෙ පුෂ්පිකාට අවසානයේ තමන්ගේ කිරුළ ලබා ගන්න පුලුවන් උනා. ඉතින් පසුගියදා සුරූපී පුෂ්පිකා තමන්ගේ උපන්දිනය සැමරුවා. මේ ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒ වෙනුවෙන් තබා තිබූ සටහනයි.
“මම මේ ප්‍රීතිමත් මොහොතේ, පළමුවෙන්ම මේ ආශිර්වාද ලත් ජීවිතය මට ලබාදීම වෙනුවෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේටත්, ස්වභාව ධර්මයටත් ස්තුතිවන්ත වෙමි.එමෙන්ම මා බිහි කොට, උපන් දා සිට මේ ජීවිතය ශක්තිමත් සහ සුව පහසු බවට පත් කරන්නට ඇප කැප වූ මගේ ආදරණීය දෙමව්පියන්ටත්, මගේ ජීවිතයේ ලොකුම සතුට සහ මගේ ජීවත්වීමේ හේතුව වන ආදරණීය ටැවොන් පුතුකිටත්, මගේ උපන්දිනය වෙනුවෙන් ඉතා ප්‍රීතියෙන් මට ආශිර්වාද කල මගේ සහෝදර සහෝදරියන්ටත්, මගේ ජීවිතය යෝධ කුළුණු මෙන් දරාගනිමින් මා ශක්තිමත් කරන මගේ පවුලේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙමි. එමෙන්ම, ලංකාව සහ ලෝකය පුරාම සිටිමින්, ඔබේ ආදරය, කරුණාව, ප්‍රාර්ථනා සමගින් ත්‍යාග සහ අලංකාර මල් එවා මා හට සුබ පැතූ, මා වෙනුවෙන් සෙත් පැතූ, යාච්ඤා කළ, මට ආශිර්වාද කළ මගේ සියලු මිතුරු මිතුරියන්ට මාගේ කෘතඥතාවය හිමි වේ. ඔබ සියලු දෙනා හැමදාමත් මගේ හදවතේ ඉහලම තැන සිටින බව සතුටින් පවසමි.මගේ උපන් දිනය වෙනුවෙන් මට ආශිර්වාද කළ ඔබ සියලු දෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ ආශීර්වාදය, සොබා දහමේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා..!
මාගේ උපන්දිනය සැමරීමට තවත් වර්ෂයක් ලබා දීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි. එම සන්තෝෂමත් ප්‍රීතිමත් මොහොත බෙදාගනිමින් මම කළුතර ප්‍රදේශයේ පවුලක් සමග අද දිනය මෙසේ ගත කරමි. මෙම ආදරණිය පවුල සඳහා අලුතින්ම නිවසක් තනා දීම මගේ අපේක්ෂාවයි. ඒ සඳහා මම අද මෙසේ පළමු පියවර තබමි.- අසරණයන්ට අත් වැලක් වෙමු.
– පුෂ්පිකා ද සිල්වා”
මේ ඇය නිවස ඉදිකරන අවස්තාවේ ලබා ගත් ජායාරූප එකතුවයි.