ආගමික සහජීවනයට සහ ජාතික සංහිදියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කල නිසා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි හයකට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලා.

සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායක ස්වාමීන් වහන්සේ දාන ශාලාවක්, විහාර ගෙයක් ගොඩනඟා ඇති අතර දරුවන් 342 දෙනෙක් රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කළ ඇති බවත්ය. උන් වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයෙ අවමංගල්‍ය යක් සිදුවුවහොත් ඒ නිවසට රුපියල් 70,000 ක මුදලක් ලබා දෙන බව ද නීතිඥවරයා සඳහන් කළේය.
මෙම හිමියන්ගෙ ගිණුම් වලට මේ පුණ්‍ය කටයුතු සිදු කිරීම සඳහා එංගලන්තයේ ජීවත්වන දායකයෙකු මෙම මුදල් ලබා දී ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.