පාස්කු ඉරුදින ප‍්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා(23දා) දිනයේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදු වී ඇත.
හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුවූයේ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පිරිනැමූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය අතරතුරදීය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අරලියගහ මැඳුරේ පැවති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගී වී සිටියහ.
හිටපු ජනපති මෛත‍්‍රී සහ හිටපු අගමැති රනිල් සමඟ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහත්වරුද එකම මේසයක අසුන්ගෙන සිටියහ.
එදින නිකුත් වූ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් යාබද අසුන් දෙකේ සිටි මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් අදහස් හුවමාරු කරගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අකිත පෙරේරා