Local News

තවත් නිල සංචාරයක් සදහා ජනපතිට ආරාධනා

මැලේසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එරට රජු විසින් ආරාධනාවක් සිදුකර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී මැලේසියාවේ සංචාරය කිරීමට සිය එකඟතාව පළ කළ බව.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා තවදුරටත් සමාගම් යොමු කරවීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා උනන්දු වන බව පැවසූ අතර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

මැලේසියාවේ විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ කොළඹදී පැවත්වෙන IORA සමුළුව සඳහා සහභාගී වීමට නියමිත අතර, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට සහාය දක්වන බව ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

Leave a Comment