කැබිතිගොල්ලෑව,හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ මියගිය අලි දෙදෙනකුගේ මළ සිරුරු පෙරේදා (18දා) සොයාගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
පොලිසිය ප්‍රකාශ කළේ ගම්වාසීන් කළ දැනුම්දීමක් අනුව අදාළ මියගිය අලි දෙදෙනාගේ මළ සිරුරු සොයාගත් බවයි.
මියගිය වන අලි දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් අනුරාධපුරය වනජීවී කාර්යාලය දැනුවත් කොට ඇති අතර,පශූ වෛද්‍ය නිලධාරීන් ඊයේ (19දා) මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී එම නිලධාරීන් පැවසූවේ අනුරාධපුර කොට්ඨාසය භාර වනජීවී දෙපාර්තමේන්තු පශූ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මියගිය වන අලින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.
ප්‍රදේශවාසීන් පැවැසූවේ විදුලිසර වැදීමකින් වල් අලි දෙදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක කරන බවයි.
කැබිතිගොල්ලෑව හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ වන අලි ගැටලුව උග්‍රව පවතින අතර,වන අලි ගැටලුව විසඳීමට කිසිවකුත් කටයුතු නොකරන බවද ගම්වැසියෝ ප්‍රකාශ කරති.
උපුටාගැනීම – අරුණ
