Gossip Lanka

“අලුත් බබාගේ” ගොසිප් වලට සමිතා පිළිතුරු දෙයි.

සමිතා මුදුන්කොටුව කියන්නේ වර්තමාන පරම්පරාවේ ගායන ක්ශේත්‍රයේ ඉහලින්ම ඉන්න තරුවක්. දරුවන් දෙදෙනාත් සමග තනිවම ජීවත් වුන ඇය මෑතකදී නැවතත් විවාහ දිවියට එලැඹුනා. ඉතින් ගොසිප් කියන්නේ සමිතට නම් අලුත් දෙයක් නෙමෙයි. නමුත් මෑතකදී ඇය වටා ගෙතුණ ගොසිප් එකක් නිසා ඇය බොහොම කලකිරීමකින් ඉන්න බව සදහන්.

ඇයට නැවතත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා යැයි සදහන් කරමින් පල වෙන ගොසිප් සාවද්‍ය ඒවා බව ඇය ප්‍රකාශ කලා. නමුත් සමිතා ප්‍රකාශ කලේ තමන්ට එල්ල වෙන හැම ගොසිප් එකටම උත්තර දෙන්න බැරි උනත් තමන්ගේ පුතාගේ ඉල්ලීමට මේ ගොසිප් එකට තමන් පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කලා.

“පුතා ෂේන් මේකට උත්තරයක් දෙන්න අම්මේ කියලා කිවුවා. ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. බොරු කියන්න එපා. මට රත්තරන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තවත් දරුවෝ ඕනේ නැහැ. එයාලා එක්ක මම සතුටින් ඉන්න විදිය හැමෝම දන්නවා. ඉතින් බොරු කතා හදන්න එපා. කොහොමද එහෙම කියන්නේ කියලා හිතාගන්න බෑ. මට ඉන්නේ ෂේන් කවී විතරයි. බොරු කතා හදන්න එපා . හැමෝම සතුටින් ඉන්න. “

Leave a Comment