Local News

ඉන්ධන අර්බුදය නිසා සතියට දින 3ක් පාසල් පවත්වන්න සූදානම්

පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවැති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

එමෙන්ම දුර ප්‍රදේශවල සිට පාසැල් වෙත පැමිණෙන සිසුන් ළඟම පාසලට අනුයුක්ත කිරීමට ද එහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

රටේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය මත රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම වෙනස්කම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සිදු කිරීමට අපේක්‍ෂිතය.

Leave a Comment