ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම ෂරියා විශ්වවිද්‍යාලය පැවතියේ යුද හමුදාව බාරයේ ය.
එම විශ්ව විද්‍යාලයේ මුල් හිමිකරු වන නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. ඒ.එම් හිස්බුල්ලා මහතාට එහි අයිතිය බාරදීමට ඉකුත්දා කටයුතු කෙරිණි.
මඩකලපුව පුනානි හි පිහිටි එම විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු තාක්ෂණ විශ්ව විද්‍යාලයට පැවරීමෙන් අනතුරුව තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමටත් කෘත්‍රිම බුද්ධිය ආදී විෂයයන් ඉගැන්වීමටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තීරණය කෙරිණි.
මඩකලපුවේ මෙම විශ්ව විද්‍යාලය අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සහ සියලු පහසුකම් වලින් යුක්ත වන අතර එවැනි පරිශ්‍රයක් නිකරුනේ වසා දැමීම ජාතික අපරාධයක් හෙයින් තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන පරිදි පවත්වාගෙන යාමට රජය අදහස් කරයි.