Breaking News

ඇදිරි නීතියද..? ලොක්ඩවුන්ද..? පාසල් ඔන්ලයින් කරන්න අවධානය..

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ලොක්ඩවුන් කිරීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කරන්නේදැයි ඇතැම් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් මෙසේ පවසා ඇත.

ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔවුන් දන්වා ඇත.

කෙසේ වෙතත් සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් ඇති අතර ඒ ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවද ඩේලි මිරර් වාර්තා කරයි.

Leave a Comment