Entertainment

දකුණු කොරියාව කියන්නේ වෙනමම ලෝකයක් කියලා ඔප්පු වෙන ජායාරූප එකතුවක්.

දකුණු කොරියාව කියන්නේ තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන සුන්දර රටක්. මෙ ජායාරූප එකතුවෙන් අපි පෙන්වන්නේ දකුණු කොරියාව කියන රට මේ තරම් සුවිශේෂී වෙන්නේ ඇයි කියලයි.

01.

දකුණු කොරියාවේ වාර්ෂික උපත් ප්‍රමාණය අඩු වී යාම නිසා එරට පාසල් වල අධ්‍යාපනය ලැබීමේ
අවස්තාව ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දී තිබෙනවා. මේ ඔවුන් තම මුනුපුරු මිපිරියන් සමග බස් රතයේ
ගමන් කරන ආකාරයයි.

02.

දකුණු කොරියාවේ එකම ස්තානයක සෘතු හතරෙදීම ලබා ගත් ජායාරූපයක්.

03.

සෝල් නගරයේ දුම්රිය වල ස්තානගත කර තිබෙන කුඩා පුස්තකාල.

04.

සෝල් නගරයේ කෝපි අවන්හල් වල ඉතිරි වන කෝපි කුඩු ගෙවතු වගා කරන පුද්ගලයන්ට රැගෙන යාම
සදහා එලිමහනේ තබා ඇති ආකාරය.

05.

මේ සලකුණ පූසන්ට පාරු මාරු වීම සදහා නොවෙයි. මේ සලකුණෙන් කියවෙන්නේ මේ ප්‍රදේශයේ බහුල වශයෙන් පූසන් ගැවසෙන බවයි.

06.

අතීත කොරියාව වටා ඉදිකල නූතන කොරියාව.

07.

සූර්‍ය කෝෂ බලයෙන් ක්‍රියාත්මක වන බංකුවක්. මේවා කොරියාවේ සෝල් නගරයේ බහුලව දකින්නට ලැබෙන අතර ඒවායෙන්තමන්ගේ ජංගම දුරකතන චාර්ජ් කරගැනීමට පුළුවන්.

08.

දකුණු කොරියාවේ රත වාහන පොලීසිය විසින් ට්‍රැෆික් ආලෝකය බිමට වැටෙන ලෙස සලස්වා ඇත. එයට හේතුව වන්නේ ජංගම දුරකතන භාවිතා කරමින් පාරේ ගමන් කරන පුද්ගලයන් අනතුරු වලින් වලක්වා ගැනීමටයි.

09.

කොරියාවේ මිලදී ගැනීමට තිබෙන අයිස් පලම් වල මේ ආකාරයේ ආවරණයක් දකින්නට ලැබෙනවා. ඒ අයිස් අතට දියවී වැත් කෙරීම වලක්වා ගැනීමටයි.

10.

පදිකයන්ට වෙහෙස නිවා ගැනීම සදහා දකුණු කොරියාවේ මාර්ග දෙපස සෑම කිලෝ මීටර භාගයකටම
එකක් බැගින් මෙවැනි ගිමන් හල් ස්තාපනය කර තිබෙනවා.

11.

දකුණු කොරියාවේ වෙරලකට ඇතුල් වන විට සියලු දෙනාගේම අතේ ජලය කාන්දු නොවන මෙවැනි ස්ටීකරයක් අලවනු ලබනවා.එම ස්ටිකරය කහ පැහැයට හැරුනොත් එයට හේතුව ශරීර උෂ්ණත්වය වැඩි වීමයි. එසේ වුවහොත් වහාම අදාල අංශ දැනුවත් කල යුතු වෙනවා.

12.

දකුණු කොරියාවේ විකාශය වන මෙම ඩෝග් ටීවී නම් චැනලය දවස පුරාම පෙන්වන්නේ සුනඛයන් ආශ්‍රිත දේවල් පමණයි.

13.

දකුණු කොරියාවේ සෝල් නගරයේ ක්‍රෝමා යනුවෙන් හදුන්වන රාත්‍රී සමාජ ශාලාවට ඇතුල් වන ස්තානයයි මේ. මෙමම් සමාජ ශාලාව හදුන්වන්නේ ලෝකයේ විශාලම රාත්‍රී සමාජ ශාලාව ලෙසයි.

14.

තමන් විසින්ම පිරිසිදු වන කොරියාවේ මහා මාර්ග.

15.

කොරියාවේ සුපිරි වෙලදසැල් වල ටොයිලට් පේපර් රෝලක් මිලදී ගැනීමට පෙර පරීක්ෂා කිරීම සදහා සාම්පලයක් ලබා ගන්නට පුලුවන්.

16.

සෝල් නගරයේ ගුවන් තොටුපලේ දකින්නට ලැබෙන මිනිසුන්ට අවශ්‍ය උපකාර ලබා දෙන රොබෝ යන්ත්‍ර.

17.

දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටා තිබෙන පුස්තකාල.

18.

දකුණු කොරියාවේ මිනිසුන් අංක හතර භාවිතා කරන්නෙ අඩු වශයෙන්. එයට හේතුව වන්නෙ අංක හතර උච්චාරණට කරන ආකාරය මරනය යන වචනයට සමාන වීමයි. මේ නිසා විදුලි සෝපාන වල හතර ඉලක්කම වෙනුවට එෆ් අකුර භාවිතා වෙනවා.

Leave a Comment