Sports World News

සංගාගේ වාර්තාව ස්ටීවන් ස්මිත් බිද හෙළයි, සංගා දෙවන තැනට වැටෙයි

ඔස්ට්‍රේලියාවේ විශිෂ්ට පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් එරටින් බිහිවූ අති දක්ෂ පිතිකරුවෙකි. 32 හැවිරිදි ස්ටීවන් ස්මිත් අද දිනයේදී සිය නම ඉදිරියෙන් තවත් වාර්තාවක් ලියා තැබීමට සමත් විය.

ඒ ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 8000රස් කරමිනි. ඔහු අද එම සීමාව පසු කලේ, සිය 151 වන ටෙස්ට් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදීය.

තරග 84 කදී ලකුණු 7934ක් ලබා සිටියදී ඔහු මෙම තරගයට සහභාගී විය. මීට පෙර වේගවත්ම ලකුණු 8000 වාර්තාවට කිමිකම් කීවේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාරයි. ඒ අනුව ස්ටීවන් ස්මිත් පලමු ස්ථානයට පත් වු අතර කුමාර් සංගක්කාරට දෙවන ස්ථානයට හිමි වී තිබේ. වේගවත්ම ටෙස්ට් ලකුණු 8000 රැස් කළ පිතිකරුවන් 5 දෙනා මෙසේය.
මෙවැනි පුවත් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න අමතක කරන්න එපා.

Leave a Comment